කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී සර්වජන බලයේ සහයෝගය විපක්ෂයේ අපේක්ෂකයාට ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

සිය “X” ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

සර්වජන බලයට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබේ.

මීට පෙර ආරංචි වී තිබුණේ කොළඹ නගරාධිපති ඡන්දයේදී සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය කිසිදු පාර්ශ්වයකට නොලැබෙනු ඇති බවට ය.