සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

Date:

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය විසින් මහ නගර සභාවේ බලය පිහිටුවීමට කතාකිරීමම කොළඹ ජනතාවට කරන අසාධාරණයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කෙසේවෙතත් කොළඹ මහ නගර සභාව මාලිමාව විසින් ජයග්‍රහණය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

” කොළඹ මහ නගර සභාව අපි දිනන්න ඕනේ. එකක් කොළඹ මහා නගර සභාවේ ජන්දදයක ජනතාව පැහැදිලිවම මාලිමාවට බලය පිහිටුවීම සඳහා බලයක් දීලා තියෙනවා. මාලිමාව තරඟ කළේ මාලිමාවේ ප්‍රතිපත්ති අපේ කණ්ඩායම ඉදිරිපත් කරලා. විපක්ෂය කියල එකක් තරඟ කළේ නෑ. ඒගොල්ලෝ වෙන වෙනම, සජබ වෙනම අනිත් අය වෙනම යූඑන්පී එක වෙනම පොහොට්ටුව වෙන වෙනම තරඟ කළා. වෙන වෙනම ප්‍රතිපත්තිවලින්,වෙන වෙනම පුද්ගලයින්ගෙන්. වෙන වෙනම වැඩපිළිවෙළවල් වලින්. ඒ,ඒ කැමති අය ඒ පක්ෂවලට ජන්දය දීලා මාලිමාවට අඩු ප්‍රමාණයක් සභිකයෝ පත්කරලා තියෙනවා. ඒ නිසා මේ සභාව පිහිටුවන්න කියල ජනතාව අපිට වරමක් දීලා තියෙනවා.”

දේශීය මෙන්ම ජාත්‍යන්තර සහයද සහිතව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් එක්ව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙන අතර එම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට නම් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමට සභාවේ බලය ලැබිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව සජිත්ලා,නාමල්ලා කොළඹ බලය පිහිටුවීමට කතා කිරීමම කොළඹ ජනතාවට කරන ලොකු අසාධාරණයක් බවයි ජයතිස්ස මහතා තවදුරටත් පවසන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ලබාදී තිබෙන වරම අනුවම විපක්ෂය නියෝජනය කරන සභිකයින් කටයුතු කළොත් එය කොළඹටත් සුභදායක වනු ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...