කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ඇරඹේ! රහස් ජන්දයකට යෝජනා!සමඟිය – එජාපය විවෘත ජන්දයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වී තිබේ.

ඒ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එම තෝරා පත්කරගැනීම සඳහා රහස් ජන්දයකට යාමට ස්වාධීන කණ්ඩායම් විසින් යෝජනා කර තිබෙන අතර සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ජන්දයක් යෝජනා කර තිබේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගොස් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහිතගේ දියණිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : අත්අඩංගුවට ගනු...

වාර්තාගත සංචාරක පැමිණීමක්!

කොළඹ LNW:මේ වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි...

පාඩු ඉස්කෝලේ ළමයි දහදෙනා…

දැන් කියනවනේ ඔය වහන ඉස්කෝලවල ඉන්නේ ළමයි දහයයි පහළොවයි,...