BRAKING NEWS : මාලිමාව ජයගනී ! කොළඹ නගරාධිපති ධුරය බල්තසාර්ට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව වූ ව්‍රායි කැලී බල්තසාර් පත්වී තිබේ.

ඒ, මීට මඳවේලාවකට පෙර පැවති ඡන්ද විමසීමේදී ය.

එහිදී ඇය ඡන්ද 61 ක් ලබාගෙන ඇති අතර විපක්ෂයේ අපේක්ෂක රීසා සාරුක් ට හිමිව ඇත්තේ ඡන්ද 54 ක් පමණි.

ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබිණි.

එමෙන්ම සභාවේ බහුතර එකඟතාව අනුව කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය හේමන්ත කුමාර මන්ත්‍රීවරයාට හිමිව ඇත.