ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

පවතින යුධමය තත්වය හේතුවෙන් මේ තීරණය ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

“විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට යන එක තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ පවතින තත්ත්වය එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවී. විශේෂයෙන් ඊශ්‍රායල්වලත් ඉරාන්වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමතී තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න. අවශ්‍ය දුරකථ අංක අපි ලබාදීලා තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානම් අපි එක්ක ඒ සම්බන්ධය හදාගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව”

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...