‘ඉරාන අගනුවරින් වහාම ඉවත්වන්න’ – ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ අගනුවර වන ටෙහෙරානයෙන් වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

කෙසේ නමුත්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ටෙහෙරානයේ මාර්ග සිරවී ඇති බවත්, මිලියන 10 ක ජනතාවක් ඉවත් කිරීම පහසු නොවන බවත්ය.

ජනාධිපති ට්‍රම්ප් මේ වන විට මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් ඔහුගේ G7 සංචාරය කෙටි කරමින් සිටින අතර ඔහු ඊශ්‍රායලයේ ප්‍රහාර සඳහා පූර්ණ සහයෝගය ලබා දෙමින් සටනින් සම්පුර්ණයෙන්ම ඈත් වී සිටියි.

කෙසේ නමුත් ට්‍රම්ප් මේ වන විට තම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන ලෙස ඉල්ලා ඇති අතර මෙහිදී එක්සත් ජනපදය ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයට සම්බන්ධ නොවන බවත්, එක්සත් ජනපද ඉරානය වහාම සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවට පණිවිඩයක් ලබා දීම සඳහා අදහස් කරන බවත්, ධවල මන්දිර මූලාශ්‍ර සඳහන් කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කිසිදු සබඳතාවයක් නොමැති බව ප්‍රකශ කර ඇති මුත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ප්‍රහාර එක්සත් ජනපදය සමඟ සම්පූර්ණයෙන්ම සම්බන්ධීකරණය කර ඇති බවයි.

වොෂින්ටනය ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහාය වුවහොත්, කලාපයේ එක්සත් ජනපද කඳවුරු වලට පහර දෙන බවට ඉරානය දැනටමත් තර්ජනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය සමාජ මාධ්‍යයක ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන අව්‍යාජ නම් සහ සටන් නැවැත්වීමට අවශ්‍ය නම්, වොෂින්ටනයෙන් එක් දුරකථන ඇමතුමක් අවශ්‍ය වේ යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි ගෙනාවා විවෘත ආර්ථිකය. ඒක කොච්චර හොඳයිද කියලා මගෙන් අහන්න එපා, වසන්ත සමරසිංහගෙන් අහගන්න – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල තමන් 2022 වසරේ රට බාරගන්නා අවස්ථාවේදී...

වැසි තත්වයේ වර්ධනයක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි...

මගේ ඇමරිකන් ඩොලර් 153499 තාත්තාගෙන් ලැබුණු තෑග්ගක් – ඇමති චතුරංග ධනය කළමනාකරණය ගැන කියයි

තමන්ගේ ආරම්භක වැටුප 2008 වසරේදී රුපියල් 75000ක් වූ අතර...

රජ සැප ගන්න හිටපු වෘත්තීය සමිති නායකයෝ අද රාජ්‍ය සේවකයා අමතක කර ආණ්ඩුව වෙනුවෙන් මරණ තර්ජනත් කරනවා – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන්...