කොළඹ නියෝජ්‍ය නගරාධිපතිකම ඡන්දයක් නොතියාම දුන්නේ ඇයි ?

Date:

කොළඹ නගර සභාවේ මංගල සභාවාරය ඊයේ (16) පැවැත්වුණු අතර එහිදී ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රහස් ඡන්දයකින් නගරාධිපති ධුරයට වුණා. ඇය ඡන්ද 61ක් ලබාගනිද්දී විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණු සමගි ජන බලවේගයේ රීසා සාරුක්ට ලැබුණේ ඡන්ද 54ක් පමණයි.

කෙසේවෙතත් මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ඡන්දයක් නොපවත්වාම එය ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර මන්ත්‍රීවරයාට ලබාදුන්නා.

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සිටියේ එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ. එහෙත් ඔහුට තරගවැදීමට ඡන්දයක් පවත්වන්නැයි එජාප මන්ත්‍රී කණ්ඩායමවත් ඉල්ලා සිටියේ නැහැ.

මේක මෙහෙම සිද්ධ වුණේ එජාපයේම ප්‍රබලයෙක් නිසා බව තමයි ආරංචිමාර්ග කියන්නේ. එජාපයේ ඉහළම තනතුරක් දරණ මේ ප්‍රබලයා ආණ්ඩුවත් එක්ක දාපු ඩීල් එකක් නිසා ඡන්දකින් තොරවම නියෝජ්‍ය නගරාධිපති තනතුර මාලිමාවට ගියා කියලා තමයි කතාව යන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...