ලෝව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ (EIU) විසින් ලොවපුරා නගර 173ක් අළලා කරන ලද සමීක්ෂණයට අනුව 2025 වසරේ ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කිරීම්වල ඩෙන්මාර්කයේ අගනුවර අංක එකේ ස්ථානයට පත්ව ඇත.

ඒ අනුව,

  1. කෝපන්හේගන්, ඩෙන්මාර්කය
  2. වියානා, ඔස්ට්‍රියාව
  3. සූරිච්, ස්විට්සර්ලන්තය
  4. මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව
  5. ජිනීවා, ස්විට්සර්ලන්තය
  6. සිඩ්නි, ඕස්ට්‍රේලියාව
  7. ඔසාකා, ජපානය
  8. ඕක්ලන්ඩ්, නවසීලන්තය
  9. ඇඩිලේඩ්, ඕස්ට්‍රේලියාව
  10. වැන්කුවර්, කැනඩාව

ද ඉකොනොමිස්ට් සඟරාවේ සහෝදර සංවිධානයක් වන EIU, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ස්ථාවරත්වය, යටිතල පහසුකම් සහ පරිසරය ඇතුළු සාධක ගණනාවක් මෙහිදී සලකා බලා ඇත.