ගම්පොළ සහ රාජ්‍ය සේවා පාපන්දු සංගමයේ ගමණට හරස් වෙයි

Date:

ගම්පොළ පාපන්දු ලීගය සහ රාජ්‍ය සේවා පාපන්දු සංගමය, පාපන්දු සම්මේලනය විසින් කිසිඳු නිල පරීක්ෂණයකින් තොරව අත්හිටුවා තිබීම සම්බන්ධයෙන්,ඔවුන් විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ නඩුවේ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.ඒ අනුව මැයි 17 වන දිනට යෙදී තිබුණු පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමේ අපෙක්ෂාවෙන් පැවත්වීමට නියමිතව තිබූ විශේෂ මහා සභා රැස්වීම අවලංගු කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිඳුවෙනවා ඇත.

මෙම නියෝගය මඟින් පාපන්දු සම්මේලනයට,එහි සභාපති ජස්වර් උමාර්,ලේකම් උපාලි හේවගේට නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වා ඇත.

ජාත්‍යන්තර මුහුණුවරට නිලවරණ පැවත්වීමේ කාලය දිර්ඝ කර ගැනීම සඳහා අවශ්‍යය ක්‍රීඩා ව්‍යවස්ථා සංශෝධනය කිරිම බොහෝ ක්‍රීඩා පරිපාලන ඒකක මඟින් සිඳු කර අවසන් අතර පාපන්දු සම්මේලනය එය මේ මස නිලවරණය පැවත්වීමේ මොහොත දක්වාම පමා කර අවසාන මොහොතේ එය සම්මත කර ගැනීමට සූදානම් වූ බවට ද පාපන්දු සම්මේලනයේ කිහිප දෙනෙකුම චෝදනා කළේය.එසේම එම කෙටුම්පත ද අවසාන මොහොතේ සාමාජිකයනට අධ්‍යයනය කිරිමේ අවස්ථාවන් අහිමි කරමින් හදිසියේ සම්මත කර ගැනීමට උථ්සාහ කළ බවට ද ජස්වර් ඇතුළු පාපන්දු නිලධාරීන්ට තවත් පාපන්දු සාමාජිකයන් එල්ල කරන චෝදනාවකි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන්නේ නියමිත කාලයට අනුව නිලවරණය පැවත්වීමට මෙන්ම ජාත්‍යන්තර මුහුණුවරට එම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට අවශ්‍යය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දැණුම් දී තිබෙන බවය.තවත් පිරිසක් නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමකින් තොරව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව සිටින නිලධාරි මණ්ඩලය සිය පරිපාලන කාලය දීර්ඝ කර ගැනීමේ උත්සාහයක නියැලුණු බවට ද පාපන්දු පරිපාලනයට චෝදනා එල්ල කරන්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...