ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

ගාසා තීරයේ ආධාර බෙදාදීම් සිදුවන ස්ථානවලදී ඊශ්‍රායලය අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 70 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (17) දින ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින්, ටැංකි ෂෙල් වෙඩි, මැෂින් තුවක්කු සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 70 දෙනෙකු ඝාතනය කර සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අලුයම සිට වටලනු ලැබූ ප්‍රදේශය පුරා එල්ල වූ ප්‍රහාරවලින් මියගිය පලස්තීන ජාතිකයන් 89 දෙනා අතරට මෙම තුවාලකරුවන් ද ඇතුළත් වේ.

සති තුනකට පෙර ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය සහාය ලත් ගාසා මානුෂීය පදනම (GHF) එම ප්‍රදේශයේ ආහාර බෙදා හැරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු අඛණ්ඩ සංහාර රැල්ලක නවතම සිදුවීම මෙය විය.

නසාර් රෝහලේ වෛද්‍යවරුන්ට අනුව, තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ වාර්තා වෙනස් වුවද, ගාසා සිවිල් ආරක්ෂක ප්‍රකාශක මහමුද් බසාල් තවදුරටත් පැවසුවේ 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...

මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...