ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ ආපදා සූදානම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි සිදු විය.

වැඩමුළුවේ ප්‍රධාන දේශනය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා (විශ්‍රාමික) විසින් පවත්වන ලදි. මෙහිදී සම්පත් තුයියකොන්තා මහතා අවිනිශ්චිත ලෝකයක පැවැත්ම සහ සමෘද්ධිය සඳහා ඉදිරි සැලැස්මක් ලෙස ජාතික ආපදා කළමනාකරණ සැලැස්මෙහි පරිවර්තනීය ස්වභාවය සඳහන් කරමින් ඉදිරි සැලැස්ම විස්තර කල අතර, ආපදාවන්ට අපගේ සංවර්ධන සිහින කඩාකප්පල් කිරීමට ඉඩ දෙනවාද නැතහොත් අභියෝග අවස්ථා බවට පරිවර්තනය කර ගනිමින් එම අභියෝග සඳහා මුහුණදිය හැකි ශක්තිමත් ප්‍රජාවක් ගොඩනන්වනවාද යන්න සදහන් කරමින් අර්ථවත් හා කාලෝචිතව දේශනයක් සිදු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) විසින් ආරම්භක දේශනය පවත්වා ඇත.මෙම වැඩසටහන න්‍යාය පත්‍රයට අනුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම, මෙහෙයුම් පද්ධතිය සහ ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සහ අධීක්‍ෂණ සහ විමර්ශන රාමුව පිළිබඳ අවබෝධයකින් අන්තර්ගත විය.

විශේෂයෙන්ම කණ්ඩායම් සාකච්ඡා සහ ක්‍රියාකාරී සැලසුම් සැසිය පුරා පැවති අතර, එහිදී සහභාගිවන්නන් ප්‍රධාන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දුන් ලබාදෙමින් ක්‍රියාත්මක කිරීමේ කාල රාමු හඳුනාගෙන එවා සටහන් ගත කිරීමද සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...