බංගලාදේශය හොඳ තැනෙක

Date:

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW:

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටිනවා.සම්පූර්ණයෙන් මුෂ්ෆිකර් රහීම් (163),නජ්මුල් හොසේන් සන්ටෝ (148) සහ ලිටන් දාස් (90) යන ඉණිම් තුන තුළ ගොඩ නැඟුණු බංගලාදේශ ඉණිමට එරෙහිව ශ්‍රී ලංකාව නිවැරදිම සැළසුම් ක්‍රියාත්මක කළේද යන්න ගැන සිතා බැලිය යුතුව තිබෙනවා.
මෙහිදි වැදගත්ම කාරණය ලෙස ගත හැක්කේ මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කරන අවස්ථාවන් හී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ ප්‍රධානම ක්‍රීඩකයා වන ප්‍රභාත් ජයසූරියට මේ වන විටත් එක් කඩුල්ලක්වත් ලබා නොදීමට බංගලාදේශ කණ්ඩායම කටයුතු නොකර තිබීමයි.එයින් ප්‍රභාත් දුර්වල වී ඇති බවක් හැඟෙනවාට වඩා හැඟෙන්නේ බංගලාදේශ පිතිකරුවන් තිදෙනා ඔහු සම්බන්ධයෙන් හැදෑරීමට යෙදූ මහන්සිය කෙතරම් සාර්ථක වි ඇද්ද යන්නයි.


දෙවන දිනය නිමා වන විට දැවී ගියේ කඩුලු 9 බෙදී ගොස් තිබෙන්නේ මිලාන් රත්නායක (38/3),අසිත ප්‍රනාන්දු (80/3) සහ තරිඳු රත්නායක (196/3) ලෙසයි.මිලාන් අවසාන කඩුලු තුනම දවා ගත් අතර අසිත සහ තරිඳු අතර මුල් කඩුලු හය බෙදී ගියා.වේග පන්දු යවන්නන් භාවිතයට ැගනීම සම්ප්‍රදායක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමක් ගාලු තණතීරුවේ නොකරන දෙයක් වුව ද,බංගලාදේශයට මේ දක්වා මේ තරගයේදී වැඩිම බලපෑම ඇති කරන්නට සමත් වූයේ වේග පන්දුව බව පැහැදිළිව දකින්නට තිබෙනවා.එහෙත් මිලාන් රත්නායක මේ ඉණිමේ නිවැරදිව භාවිතා කරා ද කියන ගැටළුව දකින්නට ලැබෙනවා.ඔහු ඉණිමේ අග කඩුලු තුන පමණක් දවා ගත්තද,බංගලාදේශ පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට බාධා වන අයුරෙන් පන්දු යවා තිබෙන බව පැහැදිළිව පැවසිය යුතුව තිබෙනවා.


ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරයෙන් ආරක්ෂා වීම හෝ එහි භයානක තත්ත්වය අඩු කර ගැනීම කියන කාරණාවන් මත පදනම්ව කටයුතු කළා විනා ඊට එරෙහිව ප්‍රති පීඩනයක් ඇති කිරීම අරමුණු කරගෙන කටයුතු කළේ ද යන්න සැක සහිතයි.ඒ නිසාම තරමක් නිවිහැනහිල්ලේ මුෂ්ෆිකර් රහීම්,නජ්මුප් හොසේන් සන්ටෝ සහ ලිටන් දාස් ක්‍රියාත්මක වූ බව දකින්නට තිබුණා.මුෂ්ෆිකර් ඔහුගේ ශතකය ආසන්නයේ දි පවා යම් අස්ථාවර තත්ත්වයක කටයුතු කරන බව සහ කඩුල්ල ආවරණය කිරීමේ වරදට ගොදුරු විම සම්බන්ධයෙන් ආසන්න ඉල්ලීම් ගණනාවකට ලක් වූ බව දකින්නට ලැබුණා.එය පීඩනයක් කිරීම අඛන්ඩව ශ්‍රී ලංකාව වෙතින් සිඳු වුණේ නැහැ.අවසානයේ ඔහු දැවී ගියේද කඩුල්ල මුවා කරමින්.
සිය අවසාන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් අවසාන තරගයේදී ද,ඊට උචිත ශරිර සූදානමෙන් සිටින බව පන්දු රැකීමේදී පැහැදිළි කරමින් සන්ටෝ දවා ගැනීම වෙනුවෙන් අනර්ඝ උඩ පන්දුවක් රැක ගනු ලැබුවා.


තරගයේ තෙවන දිනයට ඇරඹෙන විට බංගලාදේශය ප්‍රබල තැනෙක සිටින බව පැහැදිළියි.විශේෂයෙන් සිව්වන ඉණිම ක්‍රීඩා කිරීමේ දුෂ්කර කාර්යයට මුහුණ දීමත් ශ්‍රී ලංකාවට පැවරී තිබෙනවා.දින දෙකක් නිමා වන විටත්,අතරමැද වැටුණු මුළු වර්ෂාවට වැසුණු තණතීරුව නිසා ද විය හැකි වුව ද,වේග පන්දු යැවීමට දෙන සහය ගාලු තණතීරුවේ දකින්නට ලැබුණා.එහෙත් මේ තත්ත්වය සහ පිතිකරණය කියන කාරණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩි සැළකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා.


දැවී ගොස් තිබෙන බංගලාදේශ කඩුලු ප්‍රමාණය ගැන බලන විට තෙවන දිනයට බංගලාදේශය පන්දුවට පහරදීම සිඳු කරනු ඇතැයි සිතිය නොහැකියි.ඒ නිසා බංගලාදේශ පළමු ඉණිම කඩුලු 9 ට ලකුණු 484 ක් ව තිබිය හැකියි.ඒ සදහා පිළිතුරු ඉණිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු නොදී සිටීම තමයි ඉතාම වැදගත් කාරණය වන්නේ.ලහිරු උදාර සිය මංගල ටෙස්ට් තරගයට පිවිසෙන්නේ විශාල දුරක් පසු කරමින් කාලයක් සිට සිය දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යමින්.එය තව දුරටත් නඩත්තු කිරීම මේ තරගයේදී ඔහු විසින් කළ යුතුව තිබෙනවා.මන්ද ඔහු අභියෝග කරන්නේ පිටතින් විශාල ඉල්ලුමක් තිබෙන පිතිකරණ අංකයකට බව ඔහු අවබෝධ කර ගත යුතුයි.
තරගයේ ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකියි.→ https://bit.ly/4kOV3HD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...