රෝහල්වල දැඩිසත්කාර ඒකක සහ අධිසත්කාර ඒකක වැසීයන ලකුණු – උපකරණ හිගය උග්‍ර වෙයි

Date:

දිවයින පුරා රෝහල්වල දැඩිසත්කාර ඒකක සහ අධිසත්කාර ඒකකවල රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර සඳහා භාවිතා කරන ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් රෝහල් බළධාරීන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටිනවා. මෙම තත්වය මත දැඩිසත්කාර ඒකක සහ අධිසත්කාර ඒකක වසා දැමීමට සිදුවීමේ අවදානමක්ද මතුව තිබේ.

අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර භාවිතා කිරීම අත්‍යවශ්‍ය වන අතර එම යන්ත්‍ර නොමැතිව දැඩිසත්කාර ඒකක සහ අධිසත්කාර ඒකක පවත්වාගෙන යාම නිෂ්ඵල බවයි රෝහල් බළධාරීන් සඳහන් කරන්නේ.

රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක සපයන සමාගම් සඳහා පසුගිය මාස 04 කට අදාල සැපයුම් සඳහා වන ගෙවීම් මේ දක්වා සිදුකර නොමැති අතර අදාල මුදල් පියවන තෙක් සැපයුම් සිදු කිරීම සමාගම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුපියල් මිලියන 300 කට වැඩි මුදලක් පියවීමට තිබෙන බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශය වෙත සිදුකළ සැපයුම් වෙනුවෙන් අවශ්‍ය ගෙවීම් සිදු නොකිරීම නිසා ඇතැම් සැපයුම් සමාගම් බංකොලොත් වී ඇති බවද වාර්තා වේ. මෙම ගැටලුව සඳහා තාවකාලිකව හෝ පිළියම් යෙදීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු නොකරන බවයි සමාගම් පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා තවමත් ඇමතිවරයෙකු පත්කර නොමැති අතර ඖෂධ හිගය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පත්කර තිබෙනවා. කෙසේ නමුත් ඔහු මේ දක්වා මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...