ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමට වැඩිම පිරිසක් මලියදේවයෙන් සහ මියුසියස් වෙතින් – ඩුබායි සිට ෂැනොන් ද එක්වෙයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW:

රටවල් 11ක සහභාගීත්වයෙන් 2025 ජුනි මස 27 වනදා සිට ජූලි මස 04 වනදා තෙක් දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත‘2025 ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බොල් කණ්ඩායම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න හමුවිය.
කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහ පුහුණුකාරිණිය හයසින්ත් විජේසිංහ,සහය පුහුණුකාරිිණිය ඩී.එන් ප්‍රසාදි, අභ්‍යාසක ඩීසීඅයි නානායක්කාර,කණ්ඩායම් වෛද්‍යවරයා වන ලාල් ඒකනායක සහ කළමණාකාරිය ලෙස එක්ව සිටින ලක්මිණි සමරතුංග ද මෙම කණ්ඩායමට සම්බන්ධව සිටිනවා.


කණ්ඩායමේ නායකත්වය ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරන චලනි නීශා ට අයත්ව තිබෙනවා.කොළඹ මියුසියස් විද්‍යාලයේ මිනාගි කංකානිගේ කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරනවා.මෙම කණ්ඩායමට 2023 යොවුන් ආසියානු සූරතාවලියට සහභාගි වූ සිව්දෙනෙකු ඇතුළත් වෙනවා.නායිකාව සහ උප නායිකාව දෙදෙනා මෙන්ම භාෂි උඩගෙදර සහ නෙතංගා ගුණරත්න ද එම අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් ලෙස හැඳින්විය හැකියි.


මෙවර කණ්ඩායමේ තවත් විශේෂත්වයක් වන්නේ ලාංකේය ක්‍රීඩිකාවක් වුවත් මේ වන විට ඩුබායි හී උසස් අධ්‍යාපනය ලබන සහ එරට පාර්ත්වේ ස්පෝර්ට්ස් ඇකඩමි හී ක්‍රීඩාවට සම්බන්ධ ෂැනොන් ද සිල්වා ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.මේ වන විටත් ජාතික කණ්ඩායමට නම් කිරීම නිසා එක් ක්‍රීඩාවකට නිලධාරීන් කරන ලද හානිය නොසළකා හැරි ඒ අයත් සමඟම ක්‍රීඩාව දුවන ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අනුමැතියට පෙර ඇය සම්බන්ධයේ නිවැරදි පරික්ෂාවක් කරන්නට ඇතැයි අප විශ්වාස කරනවා.ඇය මේ වන විට ඉතා ඉහළ වෘත්තීය මට්ටමක් ගන්නා ඩුබායි ක්‍රීඩා සංස්කෘතිය ඇතුළත කැපී පෙනෙන නෙට්බෝල් ක්‍රීඩිකාවක් හැටියට ෂැනොන්, එරට නෙට්බෝල් සංගමය විසින් එරට සංවර්ධන කණ්ඩායමට නම් කර තිබෙනවා.
මෙම යොවුන් ජාතික කණ්ඩායමට කුරුණැගල මලියදේව බාලිකාවෙන් තිදෙනෙක් සහ කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන් තිදෙනෙක් ඇතුළත්ව සිටිනවා.මලියදේව බාලිකා කණ්ඩායමට ක්‍රීඩා කරන භාෂි උඩගෙදර,තුමල්කා ඒකනායක සහ සරනි වත්සලා මෙම ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කරනවා.මියුසියස් විද්‍යාලයෙන් මෙම කණ්ඩායමට මිනාගි කංකාණිගේ,නෙතංගා ගුණරත්න සමඟ තිරන්දි තසාරා ඇතුළත්ව සිටිනවා.

වම් කෙළවරේ ෂැනොන්


මනෝදා රණසිංහ (සෙලාන් බැංකුව),චිතේරා ඔමල්මි (හැටන් නැෂනල් බැංකුව) වෙළද සේවා වොලිබෝල් කේස්ත්‍රෙය් බංකුවලින් කණ්ඩායමට එක් වූ ක්‍රීඩිකාවන් වෙනවා.අනුත්තර කලුආරච්චි කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලය හරහා ද,මිහිදුම් කීර්තිසිරි නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාල ය හරහා ද,කණ්ඩායම එක්ව සිටිනවා.එක්සත් අරාබි එමීර් හී ජාතික මට්ටමේ ඇගයීමට ලක්ව සිටින ෂැනොන් වෘත්තීය මට්ටමෙන් නෙට්බෝල් ක්‍රීඩිකාවක ලෙස කැපී පෙණෙන අතර ඇය එරට ඩෙසර්ට් නෙට්බෝල් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ආභරණයක් බඳු වෘත්තීය අත්දැකීම් ඇති ක්‍රිඩිකාවක්.


ඩුබායි හී පැවත්වෙන වෘත්තීය ලීගයන් හී ප්‍රබල කණ්ඩායමක් වන සෙර්ට් කණ්ඩායම වැඩි පිරිසක් ජාතික සංචිතවලට යොමු කරන කණ්ඩායමක් වන අතර ඔවුන් ෂැනොන් එරට අවුරුදු 17 – 21 සංචිතය සඳහා මීට තෙමසකට පමණ උඩ දී තේරි පත් වූ අවස්ථාවේ එය තේරී පත් වූ ක්‍රීඩිකාවන්ගේ ඡායාරූපයක් සමඟ මෙසේ පළ කර සිටියා.
විවෘත, U21 සහ U17 යන දෙකම සඳහා UAE 25 තේරීම් වල දී ද, DGNC දිගටම ආධිපත්‍යය දරමින් ඇත.එම ඡායාරූපය අප මේ සටහනට එකතු කරනවා.
චාලි ප්‍රෙස්ටන් (විවෘත, U21 සංචිතය)
ජෙම් එලි (විවෘත, U21)
නූරුලේන් හුසේන් (විවෘත, U21)
ඇලනා ෆැරල්-මෝර්ටන් (විවෘත, U21)
මාරියා අවාඩ් (U21)
හොලි ගුරින් (U21)
ෂැනන් ද සිල්වා (U17, U21)
එවී හොලිස් (U17, U21)
ඔලිවියා හොලිස් (U17)
ඇලේ රුයිස් (U17)
ෂැනොන් රටට මැණිකටත් වඩා වටින ක්‍රීඩිකාවක බව සහතික නමුත් ඇයගේ පුරවැසි ලිපි ලේඛණ නිවැරදිව සකස් වී ඇද්ද යන විමසා බැලිය යුතුය.අමාත්‍යවරයාට එවැනි සිඳුවීමක් වුවහොත් ක්‍රීඩාවට හානියක් කරන පුද්ගලයන් ආරක්ෂා කරගෙන එම ක්‍රීඩාවට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන මුදලින් හානිය ගෙවා දැමීමට අවශ්‍යය උපදෙස් දෙන අය සිටියත් මෙහිදී ගැටළුව පවතින්නේ නෙට්බෝල් ක්‍රීඩාවට එසේ ජාත්‍යන්තර වශයෙන් මුදල් ලැබෙන ක්‍රමයක් නැති වීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...