*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

හිටියා වැඩි කියලා පෙන්නන්න හදන අයට රිදෙන්න ටොක්කක් ඇන්න වැඩිහිටියා

බංගලාදේශයට එරෙහිව මේ මොහොතේ ක්‍රියාත්මක ටෙස්ට් තරඟාවලියේ,පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉණිමේදි අපූරු පිතිකරුවෙක් ගැන ලෝකයේම අවධානය යොමු වුණා.දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුව ඇන්ජලෝ මැතිව්ස ක්‍රීඩා කළ සුපිරි ඉණිම මතකයේ රැඳෙන එකක්.ලකුණු 199 ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.අවාසනාවන්ත ලෙස ඔහුට ද්විත්ව ශතකයට ලකුණක් මෙපිටින් සිය ඉණිම අවසන් කරන්නට වෙනවා.

මේ ඉණිම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් ගැන සහ ක්‍රිකට් ලෝලීන් ගැන කතා කරන්න හොඳ අවස්ථාවක්.විහේෂයෙන් රට බෙදා,එකිනෙකා අතර ගැටුම් නිර්මාණය කළ තුච්ඡ දේශපාලනයත් යම් ආකාරයකින් ගොඳුරු වූ කෙනෙක් හැටියට මැතිව්ස්ව නම් කරන්න පුළුවන්.මැතිව්ස් නායකයෙක් හැටියට විශාල පසුබෑමක් පෙන්නපු කෙනෙක් නෙමෙයි.ඔහුට සතුටු වෙන් පුළුවන් නායකත්ව ඉතිහාසයත් තිබුණා.නමුත් රට දේශපාලන වාසියට සිංහල බෞද්ධ කරන්න හදපු විජ්ජාවට සිවුරු කරින් ආ වැඩිය පිරිස් දුන් උත්තේජනයේ මුග්ධබවේ ගිලි ගිය සාමාන්‍ය සමාජයට,එහි ක්‍රිකට් ලෝලීන්ට මැකිව්ස් පිළිකුල් වෙන්න ගත්තා.මැතිව්ස් ට විරෝධය ආවේ සිංහල බෞද්ධ නොවිම කියන පදනම මතයි.

ඊට පස්සෙ ආපු නරක කාලය දේශපාලනය විසින් ක්‍රිඩාවත්,ක්‍රීඩාව විසින් දේශපාලනයත් පාවිච්චි කරන තත්ත්වයක් පෙනෙන්නට තිබුණා.ඒ නිසා නායකත්වයෙන් බැස යන්න සිද්ධ වෙන මැතිවිස් කණ්ඩායමට ආවම එහි රැඳී සිටින්න අවශ්‍යය දස්කම් කරත් ඉහළින්ම ඔහු වැඩිහිටියා කියන ලේබලයට වතු කරගෙන හිටියා වැඩි වගෙ සංකල්පයක් පොම්ප කරන්න පටන් ගත්තා.තරඟ රටා තුනටම අත්‍යවශ්‍යය ක්‍රීඩකයෙක් ලෙ පිළිගත්ත ඇන්ජලෝ එතැන සිට කණ්ඩායම පිටට සහ ඇතුළට වීසි කරන පුද්ගලයෙක් වුණා.

ඒක සාධාරණය කරන්න තරුණයන්ට අවස්ථාව කියන වචනය බර දාලා පාවිච්චි කරපු පරිපාලකයො වගේම ජනතාව නොමඟ හැරපු දේශපාලකයො සහ ඒ ජනතාව ද ක්‍රිකට් ඇන්ජලෝලට අපුල වෙනකම් වද දුන්නා.ඒත් ඇන්ජලෝ දැන ගෙන හිටියෙ ක්‍රිකට් තියෙන්නෙ ඒ චෝදනා කරන අය ළඟවත්,බැන අඬගහන අය ළඟවත් නොවේ කියලා.ඔහු ඔහු ළඟ තියෙන දේ ආරක්ෂා කරගත් තරම පෙන්නන ඉණිම තමයි මේ ඉණිම.
පැය 9 විනාඩි 28 ක් 35 වැනි වියට ප්‍රවේශ වි සිටින ඇන්ජලෝ පන්දු 397 ට මුහුණ දීලා තමයි මේ ලකුණු 199 ලබා ගන්නෙ.පන්දු ප්‍රමාණය ඕවර්වලින් ගත්තොත් පන්දු ඕවර් 66.1 ක්.තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්න සම්පූර්ණ ඕවර් ප්‍රමාණය 153 ක් වුණාම ඇන්ජලෝ කණ්ඩායමේ කොච්චර බරක් තනිව දරගෙන මේ ගමන ගිහිං තියෙනවද කියලා හිතාගන්න අපහසු නැහැ.

ඇන්ජලෝගේ බොහෝ ඉණිම් විශාල බරක් සහිත ඉණිම්.ඒ වගෙම ඔහු අනිත් පැත්ත රැක ගන්න දක්ෂතාවයත් හරිම වැදගත්.සහයකයාව මෙහෙයවමින් ඔහුගේ විශ්වාසය ගොඩ නඟමින් ක්‍රියා කරන්න මැතිව්ස් සතු දක්ෂතාවය හොඳින්ම අවබෝධ වන තැන් දෙකක් හැටියට දිනේෂ් චන්දිමාල් ලෝඩ්ස් හි දී ශතකය කරා මෙහෙයවපු හැටි සහ ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවට එරෙහිව අනපේක්ෂිත ජයක් ලැබීමට මෙහෙයවපු ආකාරය ගත හැකියි.එහෙත් ඔහු කුසල් මෙණ්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවට පරාජය අනිවාර්ය වී තිබූ නවසීලන්තයට එරෙහි තරගයක් ජය පරාජයෙන් තොරව කෙළවර කිරීමට කළ සටන ටෙස්ට් ඉතිහාසයේ නොමැකෙන සටහනක්.

නවසීලන්තයේ වේග පන්දු යවන්නන්ට හිතකර තනතිල්ලක් මත ඉණිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 296 ක් ලබා ගැනීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 13 ට දැවී තිබියදී මැතිව්ස් සහ කුසල් අතර ඇතිවන එම සම්බන්ධතාවය ඇදිහිය නොහැකි තරමේ එකක්.මැතිව්ස්ගේ පිත්තෙන් පන්දු 323 ට එකතු වෙන්නේ නොදැවුණු ලකුණු 120 ක්.ඔහු ඒ සඳහා පැය 7 විනාඩි 27 ක් කඩුල්ලේ රැඳී සිටිනවා.ඒ සමඟම පැය 7 විනාඩි 35 ක් කඩුල්ලේ ඉන්න කුසල් මෙණ්ඩිස් නොදැවී ලකුණු 141 ක් ලබා ගන්නවා.මේ වන විටත් ඔහු නායකත්වයෙන් ඉවත් කරලා එය දිනේෂ් චන්දිමාල් මත පටවා තිබියදී ක්‍රීඩකයෙක් හැටියට ඔහු කණ්ඩායම වෙනුවෙන් කරපු යුතුකමක්.මේ ඉණිම ලෝකයේ මුළු දිනයකුත් වැඩි කාලයක් සටන් කර කණ්ඩායම බේරා ගැනීමක් වුණත්,සමාජයට ලාංකේයත්වය වෙනුවට කවා තිබූ සිංහල- බෞද්ධ උමතුවට ගොදුරු වූ බොහෝ දෙනෙක්ට තිබූ ගැටළුව ඒ ඉණිම් පුරා මැතිව්ස් සහ කුසල් කුරුසය සළකුණු කළ ප්‍රමාණය ය.සැබවින්ම ඒ තරමටම ආගම විසින් දේවල් ලබා දෙන බව භෞතික සමාජයේ මිත්‍යාවක් වුවත් ඔවුන්ගේ ආත්ම විශ්වාසයට අදාළව එයින් සිඳුවන බලපෑම ප්‍රතික්ෂේප කළ නොහැකි වෙනවා.ඒ වගේම ඒ අන්ධ ආගමික විශ්වාසය ප්‍රතික්ෂේප කළ යුත්තේ වෙනත් ආගමක නොවීම නිසා සහ සියල්ල ඒ ආගමටත් ඒ ආගම හා බැදුණු ජාතියටත් අවනතව පැවතිය යුතු බවට පනවන බලපෑම මත වන නිසාත් එහි දියුණු මතවාදයක් ගම්‍ය වන්නේත් නැහැ.

කෙසේ හෝ ක්‍රිඩාව හැටියට ක්‍රීඩාව පවතිනු විනා දේශපාලනය හැටියට දේශපාලනය පවතිනු විනා ඒවායේ අනන්‍යතාවයන් අහිමි වීම මත ඇන්ජලෝ මැකිවිස්ට අසාධාරණයක් සිදුවීමටත් වඩා රටේ ක්‍රීඩාවට අසාධාරණයක් වි තිබෙන බව පිළිගන්නට සිඳුවෙනවා.ඉතාම අශිලාචාර විදිහට සමාජය මත ආගමික සහ ජාතීන් අතර දුරස්ථභාවයක් නිර්මාණය කරපු පරිසරයක ඒ දැවන්ත බලපෑමට එරෙහිව දරා සිටින්නට ශක්තිය තිබීමම ක්‍රීඩකයාගේ හොඳකමේ ලක්ෂණය වෙනවා.ඒ නිසා හිටියාවැඩි කියා ඉහළින්ම යම් යම් ඉඟි සපයමින් රිඳවද්දී සුරංග ලක්මාල් වැනි ක්‍රීඩකයින් රටට තව බොහෝ දේ කළ හැකිව තිබියදී පිටියෙන් නික්ම ගියත් ඇන්ජලෝ මැතිව්ස් රටටම තමන් කවුද කියා පෙන්වා නික්ම යාම සඳහා රැඳී සිටියා.ලක්මාල්ට හිටියා වැඩි කියා දනවන පීඩනයට වඩා වෙනත් සමාජීය වශයෙන් ආගමික සහ ජාතියද ගෙන පහර එල්ල කරන මැතිව්ස් මේ වන විටත් ශ්‍රී ලංකේය ක්‍රිකට් වංශකතාවට එක්වන්නේ මෙරටින් බිහිවූ සුපිරිතම දක්ෂයෙක් හැටියටයි.එය ජාතියෙන්,ආගමෙන් බෙදා වෙන් කළත්,ලෝකයේ ක්‍රිකට් ඉතිහාසයට එකතුවෙන්නේ ශ්‍රී ලංකාවේ නමිනුයි.ඒ නිසා ක්‍රිකට් ලෝකය ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනා සුපිරිතම ක්‍රිඩකයෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නම සඳහන් කර තබනු ඇති.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan