ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

Date:

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව, පිල්ලෙයාන්, හකීම්, තොණ්ඩමන් එකතු කරගෙන යැයි විපක්ෂය චෝදනා කළත් තමන් කිසිදු දේශපාලනය ව්‍යාපාරයක් එකතු කරගෙන නොමැති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“මේ ඉන්නවා විපක්ෂයක් කියලා එකක් කිසි වැදගැම්මකට නැති, ගල්වල හැප්පිලා පාර්ලිමේන්තුවට විසිවෙලා තියෙන්නෙ. ඒ හාදයින් කියනවා අපි රට පාලනය කරන්නෙ ප්‍රජාතන්ත්‍ර විරෝධීව ලු. ප්‍රාදේශීය සභා පිහිටුවලා තියෙන්නෙ අරුන් මුන් එකතු කරගෙන ලු. හොරකම් කරපු පොහොට්ටුව එකතු කරගෙන ලු, පිල්ලෙයාන්, හකීම්, තොණ්ඩමන් එකතු කරගෙන ලු. අපි දේශපාලන ව්‍යාපාර එකතු කරගෙන නෑ. සජිත් ප්‍රේමදාසලාට, නාමල්ලාට, දිලිත්ලාට, සුන්බුන් විපක්ෂයට අපි කියනවා ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා කියලා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...