තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

Date:

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW:

තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් හිමි වුණා.ඒ අතර කැපී පෙණෙනම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණේ දුර පැනීමේ ඉසව්වෙන් ජයගත් මධුෂානි හේරත් ය.ඇය මීටර් 6.37 ක හොඳම පෞද්ගලික දක්ෂතාවය සමඟ දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ඉසව් ගණනක ජාතික වාර්තා තබන්නට සමත් වූ ක්‍රීඩිකාව ලෙස සැළකෙන නිමාලි ලියනාරච්චි මිටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා.ඇය මේ තරගයේදී සිය ප්‍රධාන ඉස්ව හැටියට තෝරා ගෙන සහභාගි වන්නේ මීටර් 800 ඉසව්වයි.දැනටත් එම ඉසව්වේ මීටර් 200 ධාවන පථයේ ජාතික වාර්තාව උසුලන නිමාලි මීටර් 1500 ඉසව්වේදී රිදී පදක්කම දිනා ගන්නට සමත් වූ අතර ඇය වාර්තා කළ කාලය විනාඩි 4:32.39 ක කාලයක් පෙන්නුම් කළ අතර නිමාලිගේ එම ඉසව්වේ හොඳම දක්ෂතාවය වන්නේ විනාඩි 4:15.86 කි.


ශ්‍රී ලංකාවට රුසිරු චතුරංග ද රන් පදක්කමක් දිනා දෙන්නට සමත් වුණා.ඔහු සහභාගි වූයේ ද මීටර් 1500 ඉසව්වටයි.එහිදි රුසිරු චතුරංග වාර්තා කළ කාලය 3:53;30 ක් ලෙස සටහන් වුණා.එම තරගයේ රිදී පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි වූ අතර එහිදී වොක්ෂාන් වික්නරාජ් වාර්තා කළ කාලය විනාඩි 3:54.72 ක් ලෙස සටහන් වුණා.


එසේම මීටර් 100 අවසාන තරගයට සුදුසකම් ලබමින් අමාශා ද සිල්වා තත්පර 12.11 ක දක්ෂතාවයක් දක්වනු ලැබුවා.මීටර් 100 කඩුලු ඉසව්වේ දී අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූ වත්සලා හපුආරච්චි එම ඉසව්ව තත්පර 14.38 න් නිමා කරමින් මූලික තරගයේ පළමුවන තැන දිනා ගන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...