යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

0
745

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :

ඊශ්‍රායල සහ ඉරාන යුද්ධමය තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් ඉදිරියේදී මෙරටට ආනයනය කරන ඉන්ධනවල මිල ගණන් ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විද්වතුන් පවසයි.

පවතින යුද ගැටුම් මත ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ යා හැකි බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා කියා සිටී.

මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විටෙක බොර තෙල් සැපයුම ද බිඳවැටිය හැකි බවයි.