හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය !

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් 20% ක ප්‍රමාණයක් දෛනිකව ප්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ය.

ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබියේ තෙල් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියෙනි.

ඒ අනුව මෙම සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් එය ගෝලීය ඉන්ධන සැපයුමට බරපතළ බලපෑමක් වනු ඇත.

කෙසේවෙතත් ඉරාන පාර්ලිමේන්තුවේ මෙම තීරණය ක්‍රියාවට නැංවීම පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ඇත්තේ ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...