නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW:
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ, ජාත්‍යන්තර වශයෙන් මානව වර්ගයාගේ ක්‍රියාකාරී හැසිරීම්වල චමත්කාරය පුබුදුවාලන්නට සැකසි ව්යහුයකයි.එවැනි ප්රභාවන් මිනිස් සිරුර තුළින් ලියලා මතුවන්නේ ඔවුන් සතු වන ශාරිරික සහ මානසික නිරෝගීතාවය මතයි.මේ වසරේ ඔලිම්පික් හී තේමාව මේ දෙපාර්ශවය විසින් නිර්මාණය කරන්නේ බොහෝ අරුත් ඇතිව කෙට කරන ලද වචන කිහිපයකින්ය.
“Let’s Move?” යන්නෙහි සිංහල අරුත “අපි යමු?“ යන්නය.මේ යමු? කියන ආරාධනය සමාජය මත අතුරන අදහස, ඒ හවුල්කාරී බැදීම ගැන අවධාරණය කර තිබෙන ආකාරය ආදරණීය බවකින් පිරී ඇත.ඒ ආදරය පෞද්ගලික නොවුණ පොදු මානව වර්ගයා වෙනුවෙන් කරනු ලබන හැඳින්වීමක්ය.
“ක්‍රීඩාවේ යෙදීමේ සහ එකට වැඩ කිරීමේ ප්රතිලාභ පිළිබඳව විහිඳුවන ආලෝකය සහ එමඟින් ගෙන එන සියලු ආශ්වාදයන්, සම්බන්ධතාවයන් සහ සතුට සැමරීමේ පොදු එකඟතාවයකට කරන ඇරයුමක්“ මෙන්ම එකඟතාවයෙන් වැඩ කිරීමේ අබේද ක්‍රියාවලියක වටිනාකම ද එහි අරුත් ගැන් වී ඇත.
මේ සියල්ල කැටි වූ මෙවර ඔලිම්පික් තේමාව මත පිහිටමින් ශ්‍රී ලංකා ජාතික ඔලිමිපික් කමිටුව කරනු ලබන ඔලිම්පික් දින සැමරීම ඓතිහාසික ගාලු නගරය කේන්ද්‍ර කරගෙන පවත්වන්නට සූදානම්ව තිබෙනවා.ඒ ජුනි 25 වන දිනයි.
මෙම වසරේ උත්සවය ගාල්ලේ පාපන්දු පිටියෙන් පෙ.ව. 10:00 ට ආරම්භ වන ඔලිම්පික් දින පා ගමනකින් ආරම්භ වන අතර, ප්‍රධාන උත්සවය පැවැත්වෙන හෝල් ඩි ගෝල් හිදී අවසන් වේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙම පා ගමන සහ සැමරුම මෙහෙයවනු ලැබේ.
ඔලිම්පික් ක්‍රීඩකයින්, ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයින්, NOC ශ්‍රී ලංකාවේ විධායක කමිටු සාමාජිකයින්, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන්, ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ විවිධ ක්‍රීඩා සම්මේලන සහ සංවිධානවල නියෝජිතයින් ඇතුළු පුළුල් පරාසයක සහභාගිවන්නන් මෙම අවස්ථාවට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ක්‍රීඩාව මානව සංස්කෘතිය සමඟ සාමාන්තරව ගමන් කරන විභවයන් සකස් කරමින් සිටින,නූතණ ඔලිම්පික් අනන්‍යතාවය, හුදෙක් ක්‍රීඩා පිටියට පමණක් අදාළ නොවන ගෙවෙන තත්පරයේ ඔබේ ජීවිතයේ පැවත්ම කෙරෙහි බලපාන විවිධ සෙලවීම් කෙරෙහි සංවේදීව පවතිනවා.ඒ නිසා මෙම මොහොත ක්‍රීඩාවට නොව සමස්ත සමාජයට අයිති මොහොතක් ලෙස සළකා ජනතාවද ඒ කෙරෙහි සිය සහභාගීත්වය සහතික කරනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව බලාපොරොත්තුවෙන් සිටිනවා.
