මලයන්ඩියේ නුඹ නොගිහින් හිටි දවසේ, ගිනි ඇවිළුණා කැණිමඬළට මැදමුලනේ – චමල් (VIDEO)

Date:

මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ජනාධිපති ධුර කාල දෙක දැරීමෙන් අනතුරුව දේශපාලනයෙන් සමුගත්තා නම් වඩාත් හොඳ බව ඒ මහතාගේ වැඩිමල් සොයුරු, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

“ගමේ ඉඳලා ආපු අය ආවෙ අහිංසක පාක්ෂිකයො. ඒ ආවෙ අගමැතිතුමා අස්වෙලා යනවා, අපේ ආශිර්වාදය නැත්නම් කණගාටුව ප්‍රකාශ කරන්න කියලා. නමුත් එතෙන්දී ඒ මොහොතේදී සිදුවෙච්ච සිදුවීමක් නිසා, උසිගැන්වීමක් නිසා සිදුවෙච්චි දෙයක්. ඉතින් අපි මේ හැම එක්කෙනෙක්ම මේකට වගකියන්න ඕනෙ. ඇයි පොලිසිය මේ අරලියගහ මන්දිරයේ ඉඳලා ගෝල්ෆේස් පැත්තට ගිය අය නතර කළේ නැත්තෙ ? පොලිසිය රාජකාරිය පැහැර හැරලා තියෙනවා. ඒක නිසා අපෙ පැත්තෙ අය දැන් කියනවා පොලිසියේ ඉන්නෙ IGP නෙවෙයි PIG කියලා. කවුද නියෝග දුන්නද කවුරුවක්වත් පහරදෙන්න ඉඩදෙන්න කියලා ? වගකියපු අය ඉන්න ඕනෙ. අපි දේශපාලනය ආරම්භ කරලා තියෙන්නෙ තියෙන දේපළ උකස් කරලා ඒවා මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන. මං කියන්නෙ අපෙ තාමත් බේරාගන්න බැරිවෙච්ච ඒවා තියෙනවා. එහෙම්පිටින්ම ඒ උකස් කරපුවා නිදහස් කරගන්න බැරිවෙලා තියෙනවා. මම හිතනවා ගරු අගමැතිතුමා එතුමාගෙ ජනාධිපති ධුර කාල දෙක ඉවර වුණායින් පස්සේ සමුගත්තා නම් මං හිතන්නෙ මීටත් වඩා හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවලට ලක්වෙලා. එතුමා විශාල පරිත්‍යාගයක් කරලා තියෙනවා අවුරුදු 50ක් විතර දේශපාලන ඉතිහාසයේ. නමුත් අද ඒක ඇතිවෙලා තියෙනවා. ඉතින් අපි මේ දේශපාලනයේ නිරත වෙනවා නම් අත්හැරීමත් පුරුදු වෙන්න ඕනෙ”

චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...