මිරිහානේ “අරාබි වසන්ත” කෙනෙක් CID අත්අඩංගුවට

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති විරෝධාතාවක් අතරතුර හමුදා බස් රථයකට ගිනිතැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) දිනයේදී දැරණියගල ප්‍රදේශයේදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන මෙම සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැඩි පොලිස් සහ හමුදා රැකවල් ඇති ස්ථානයක මෙම බස් රථය ගිනිතැබීමේ සිදුවීම සිදුවූයේ පසුගිය මාර්තු 31 වනදා වන අතර ඊට සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසියට දින 49ක කාලයක් ගතවීම විශේෂත්වයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...