දේශබන්දු ඇතුළු නිලධාරීන් ගැන CIDයේ දෙබිඩි පිළිවෙත අධිකරණයේ දැඩි අප්‍රසාදයට !

Date:

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකර රාජකාරි පැහැර හරිමින් විනාශයට මගපෑදූ නිලධාරීන්ව අත් අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනයන දෙබිඩි පිළිවෙල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

මෙම නඩුව ඊයේ (19) කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම සිදුවීමට අදාළව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානයට යොමුකර තිබුණු අතර කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් CID නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබිණි.

එහිදී CIDය ප්‍රකාශ කර තිබුණේ මීට අදාළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබුණ ද එම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගතයුතු බවකි.

එම පිළිතුරට දැඩි අප්‍රසාදය පළ කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ,

“මොකක්ද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔය අනුගමනය කරන දෙබිඩි ක්‍රියාපිළිවෙල ? මේ සිද්ධිය සම්බන්ධයෙන් සටහන් කරගත් සාක්ෂි මත පමණක් දැනට 13 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහි ප්‍රකාශ ගැන ඔබලා සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමක් කරලා නෑ. ඇයි මේ නිලධාරීන් ගැන විතරක් වෙනමම ක්‍රියා පිළිවෙලක් ? මම දැඩිව කියනවා සැකකරුවන් තෝරාගන්න එපා, සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි උපදෙස් ලබාගෙන රාජකාරිය පැහැර හැරිය නිලධාරීන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්නම් මම නියෝගයක් දෙන්නම් !” යනුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...