පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට නිලධාරීන්ද ආණ්ඩුවේ පාර්ශවයට වාසිදායක වන අයුරින් කරමින් ඔවුන්ද දේශපාලනිකරණ වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

පනතට අනුව රහස් ජන්දයක්ද, විවෘත ජන්දයක් ද යන්න තීරණය කළ යුත්තේ සභිකයින්ගේ කැමැත්ත මත වන අතර කොළඹ මහ නගර සභාව තුළ සභිකයින් 60 දෙනෙකු ලිඛිතව අත්සන් කර විවෘත ජන්දයක් ඉල්ලාසිටියදී කොමසාරිස්වරිය විසින් රහස් ජන්දයකට ගියේ කුමන හේතුවකටද යන ප්‍රශ්නය පවතින බවයි අතුකෝරළ මහත්මිය කියාසිටියේ.

”ඔය හැම නිලධාරියෙක්ම දැනගන්න ඕනේ ආගමන විගමන පාලකතුමා ඉන්නවා ඇතුලේ. ඒවගේම දැන් බන්ධනාගාර ප්‍රධානියා ඇතුලේ ඉන්නවා. හිටපු පොලිස්පතිවරයෙක් ඇතුලට ගිහින් ඇවිත් ඉන්නවා. තව ගොඩක් අය යන්න පුළුවන්.දේශපාලඥයෝ යන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හැම නිලධාරියෙක්ම කල්පනාකරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ හැමදාම බලයේ ඉන්න කවුරුහරි කල්පනකරනවා නම් ඒක වෙන්නේ නැහැ. එන්න එන්න ජාතික ජන බලවේගය තමන්ගේ ගමන් මඟ කෙටි කරගනිමින් යන්නේ.”

අතුකෝරළ මහත්මිය මෙම අදහස් දක්වා සිටියේ අද (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...