පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට නිලධාරීන්ද ආණ්ඩුවේ පාර්ශවයට වාසිදායක වන අයුරින් කරමින් ඔවුන්ද දේශපාලනිකරණ වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

පනතට අනුව රහස් ජන්දයක්ද, විවෘත ජන්දයක් ද යන්න තීරණය කළ යුත්තේ සභිකයින්ගේ කැමැත්ත මත වන අතර කොළඹ මහ නගර සභාව තුළ සභිකයින් 60 දෙනෙකු ලිඛිතව අත්සන් කර විවෘත ජන්දයක් ඉල්ලාසිටියදී කොමසාරිස්වරිය විසින් රහස් ජන්දයකට ගියේ කුමන හේතුවකටද යන ප්‍රශ්නය පවතින බවයි අතුකෝරළ මහත්මිය කියාසිටියේ.

”ඔය හැම නිලධාරියෙක්ම දැනගන්න ඕනේ ආගමන විගමන පාලකතුමා ඉන්නවා ඇතුලේ. ඒවගේම දැන් බන්ධනාගාර ප්‍රධානියා ඇතුලේ ඉන්නවා. හිටපු පොලිස්පතිවරයෙක් ඇතුලට ගිහින් ඇවිත් ඉන්නවා. තව ගොඩක් අය යන්න පුළුවන්.දේශපාලඥයෝ යන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හැම නිලධාරියෙක්ම කල්පනාකරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ හැමදාම බලයේ ඉන්න කවුරුහරි කල්පනකරනවා නම් ඒක වෙන්නේ නැහැ. එන්න එන්න ජාතික ජන බලවේගය තමන්ගේ ගමන් මඟ කෙටි කරගනිමින් යන්නේ.”

අතුකෝරළ මහත්මිය මෙම අදහස් දක්වා සිටියේ අද (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...