මැයි 09 සිදුවීම ගැන නාමල්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

Date:

මැයි 09 වැනිදා ගාලුමුවදොර අදල ගෝඨාගෝ ගම විරෝධතාවයට හා අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ.

ඊට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කර තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් මේ වනවිට නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටී.

මෙම පහරදීමට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...