අර්බුදයෙන් ගොඩ එන්න IMF එක්ක සාකච්ඡා කරන්න – G7 කණ්ඩායම දැනුම් දෙයි

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තිබෙන එකම විසඳුම ජාත්‍යන්ත මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බව G7 කණ්ඩායම ප්‍රකාශ කරනවා. ඒ අනුව IMF සමග ඵලදායී සාකච්ඡා ආරම්භ කරන ලෙසයි G7 කණ්ඩායම ශ්‍රී ලංකා බළධාරීන්ට දැනුම් දී තිබෙන්නේ.

G7 කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ ජර්මනියේදී පැවැත්වූ රැස්වීමකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ප්‍රකාශයේ මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය වන දිගුකාලීන විසඳුම් වෙනුවෙන් කැප වී ක්‍රියා කිරීමට සූදානම් බවද අදාල ප්‍රකාශය හරහා G7 කණ්ඩායම පවසනවා.

කෙසේ නමුත් සෘජුව සහාය දක්වන බව එම කණ්ඩායම ප්‍රකාශ කර නොමැත.

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය යන ලොව ප්‍රබල රටවලින් G7 කණ්ඩායම සමන්විත වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...