හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ – මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය 

Date:

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් තියානුකූල රාමුවක් තුළ මතුවදුර මැඩලීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, හදිසි නමුත් නමුත් හදිසි වී අතපුච්චා නොගන්නා බවද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

“මේක ආණ්ඩුවට යටින් යන බිස්නස් එකක්. කළු ව්‍යාපාරයක්. ඒ කළු ව්‍යාපාරය ගැන මුලික පුරෝකථනයක් තිබුණා. ඊට පස්සේ අපේ ආණ්ඩුව යටතේ මේ තත්ත්වයන් පාලනයට ආවේ…වෙනත් ආණ්ඩු ගත්තට පස්සේ මේ සප්ලයි චේන් එකෙන් යැපුණා. මේක කඩන එකට අපි අත ගහලා තියෙනවා. ඒකෙන් පළමු එක මේකේ හිටියේ දියවන්නාව. යම් පිරිසක් යැපුණෙම ඒකෙන්. අපි පියවරක් ගත්තා. ඒක තමයි බුද්ධි අංශ වාර්තා කියවනකොට, ඇතැම් පුද්ගලයින්ගේ වත්කම් වැඩිවෙලා තියෙනවා. ඇහැට පේන ව්‍යාපාරය ඇතුළේ නෙමෙයි විශාල ඉන්කම් එකක් එනවා. සමහර ව්‍යාපාර කටයුතුවල කස්ටම්බේස් නෑ. නමුත් පවත්වාගෙන යනවා. අපි අතගැහුවා අලුත් දේකට මේ නීතිවිරෝධී වත්කම් පිටුපස සප්ලයි චේන් එකේ කොටසක් තියෙනවා ද කියලා. දැන් ඒ වැඩේ කරනවා. ඒ ආයතන ස්වාධීන කරලා තියෙන්නේ. අපි මෙතැනින් එක ටර්න් එකක් ගන්න බැලුවේ. මේක පිටුපස ඉන්න පිරිස හඳුනා ගනිමින් ඉන්නවා. ඒ නිසා වත්කම්වලට අතගහන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක් කරගෙන යනවා,

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමා, එක එක්කෙනා කියනවාට නෙමෙයි අපි වැඩක් හදාගෙන තියෙනවා ඒ නීතියානුකූල රාමුව ඇතුළේ. ඒ රාමුව ඇතුළේ කරන වැඩපිළිවෙල තමා අපි මේ ප්‍රොමෝට් කරගෙන යන්නේ. හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ. අපිට පොඩි අවස්ථාවක් තව ඉස්සරහට යන්න දෙන්න. මේ මාස 6 ඇතුළේ ඡන්ද 3ක් කරලා හැමදෙයක්ම කරන්න සිදුවුණා. නමුත් දැන් තමා ආණ්ඩුව විදියට වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා අපිට යෝජනා කරන්න නීතිවිරෝධී ක්‍රමවලින් මේක මර්දනය කරන්න කියලා. අපි ආණ්ඩුව විදියට ඒක ගන්නේ නෑ. නමුත් ආණ්ඩුවට දැක්මක් සහ විෂන් එකක් තියෙනවා මේ කාරණයට අදාළව. දැඩි ලෙස ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි දෙවැනි තැනට මත්ද්‍රව්‍ය ඇවිත් තියෙනවා. පුරවැසියාට කියන්නේ පොඩ්ඩක් ඉවසන්න අපි මේ වැඩේ ආණ්ඩුව විදියට අත ගහලා කරගෙන යනවා.” ලෙස මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...