බවුසර් වලට දිගටම තර්ජනය කළොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවනවා – ඇමති කංචන

Date:

ඉන්ධන ප්‍රවාහන බවුසර්වලට ජනතාව සිදුකරන බලපෑම් සහ තර්ජන අඛණ්ඩව පැවතුණහොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (21) පැවැත්වුණු මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇතැම් ස්ථානවලදී ජනතාව ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ නවත්වාගෙන ඔවුන්ගේ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ගොඩබාන ලෙස බලපෑම් කරන අතර ඇතැම් ස්ථානවලදී එසේ නොකරන්නේ නම් බවුසර්වලට ගිනිතබන බවට තර්ජනය කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ තත්වය අඛණ්ඩව පවතින්නේ නම් ඉන්ධන ප්‍රවාහන බවුසර්වල ආරක්ෂාව සඳහා ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...

කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල්...

ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් බදුල්ලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: ELLA WEEKEND EXPRESS නමින්...