බහාලුම් තදබදය විසදන්න ජනාධිපතිතුමනි මැදිහත්වෙන්න – බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය ඉල්ලයි (VIDEO)

Date:

කොළඹ LNW:මේ වන විට මතුව තිබෙන බහාලුම් රථ තදබදය ඉදිරි සතිය තුළ විසඳීමට කටයුතු කරන බවට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සමඟ ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ජාවේදී පොරොන්දු වූ බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

ඒ අනුව පවතින තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපතිවරයාද මැදිහත්වනු ඇති බවට විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.

ආනයනික භාණ්ඩ මෙරටට පැමිණෙන දින වකවානු ගැන අදාළ සියලු පාර්ශව දැනුවත් හෙයින් තදබදයක් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස රේගු නිලධාරීන්ගෙන් ඉල්ලසිටි බවද ඔහු පැවසුවේය.

දැනට පවතින තදබදය කඩිනමින් විසඳිය යුතු වන අතර ඉදිරියේදී ආනයනික සහල් තොග මෙරටට පැමිණීමට නියමිත හෙයින් නැවත වරක් තදබදයක් ඇති විය හැකි බවද මංජුල මහතා කියාසිටියා.

”ඊයේ දිනය වන විට ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් පරීක්ෂණ අංගන වෙත යොමුකර එම කටයුතු සිදුවෙනවා. අපි බලාපොරොත්තු වෙන්නෙත් මේ කඩිනම් සේවාව අඛන්ඩව පවත්වාගෙන යන්න. ඊට අවශ්‍ය ආයතනික සහය ලබාදීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කටයුතු කරන බව පැවසුවා. තදබදය විසඳීමට අවශ්‍ය හොඳ තීන්දු තීරණ කිහිපයක්ම ගත්තා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...