උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

Date:

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

යසන්ත කෝදාගොඩ, සම්පත් අබේකෝන් සහ සම්පත් විජයරත්නය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

යාපනය, කිලිනොච්චිය සහ මුලතිවු දිස්ත්‍රික්කවල පිහිටි මේ මස 28 වනදා දක්වා හිමිකම් ප්‍රකාශ නොකර තිබෙන ඉඩම් රජයට පවරා ගැනීමේ අරමුණින් ඉකුත් මාර්තු මස 28 වනදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් කර ඇති පෙත්සම්කරු මේ ආකාරයෙන් උතුරු පළාතේ පිහිටි ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය තුළින් සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙන බවත් පවසා ඇත.

උතුරු පළාතේ පවතින ඉඩම් බොහොමයක හිමිකරුවන් මේ වන විට විදේශගතව සිටින නිසාත් ඇතැම් ඉඩම්වල හිමිකම් සම්බන්ධයෙන් නිරවුල් නොවන තත්ත්වයක් පැවතීම නිසාත් මේ ආකාරයෙන් ඉඩම් පවරා ගැනීමට රජය විසින් නිකුත් කර ගැසට් නිවේදනය තුළින් උතුරු පළාතේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

ඒ අනුව, මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...