විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

Date:

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ කරගන්නේ හුදෙක් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට මිස තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔවුන්ට ලබාදීමට නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

එදා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් 69 ලක්ෂය මෙවර අනුර කුමාර දිසානායක මහතාට සහාය පළකර ඇති බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පළාත් පාලන ආයතනවලදී මන්ත්‍රීවරුන් එකතු වන්නේ ද ඒ ආකාරයෙන් බවයි සඳහන් කළේ.

“සුන්බුන් එකතු කරගැනීමක් කිසිම අවස්ථාවක වෙන්නෑ. දැන් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට, මේ ප්‍රශ්නය අහන ඔබතුමාත් සමහරවිට ඡන්දය දෙන්න ඇත්තෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වෙන්න ඇති. හැබැයි මෙවර මැතිවරණයේදී ඡන්දය දෙන්න ඇත්තෙ අනුර කුමාර දිසානායක මැතිතුමාට වෙන්න ඇති. ඒ වගේ තමයි 69 ලක්ෂයක් හිටියා ඒත් අර අවස්ථාවේදී අපට ඡන්දය ප්‍රකාශ නොකරපු. ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් නොවිච්ච. හැබැයි මේ අවස්ථාවේදී ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් අදහස් වෙන්නෙ නෑ කිසිම අවස්ථාවක – මේ තියෙන ගමනත් එක්ක එකතුවෙලා, එකතුවෙලා කියන්නෙ ගමන හරියාකාරව දැකලා ඒ සඳහා ආශිර්වාද කරන පිරිස හැර ඒ තීන්දු තීරණ ගැනීමේ බලයක් ලැබීමක් නෙවෙයි සිද්ධ වෙන්නෙ. මෙතනදී සිද්ධ වෙන්නෙ මේ තියෙන ප්‍රතිපත්ති, මේ තියෙන ගමන පිළිබඳ එකඟතාවය පළවෙලා එයට උදව් කරන්න, එයට අත උස්සන්න පැමිණෙන පිරිසක් හැර තීන්දු තීරණ ගැනීමේදී පක්ෂයකට එකතු වීමක්වත් පක්ෂයත් එක්ක සන්ධානගත වීමක්වත් නෙවෙයි ඔතනදී සිදුවෙන්නෙ”

ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...