ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක විශිෂඨ ජයග්‍රහණයක් හිමි වුණා.තරගයේ පස්වන දිනයේ දිවා භෝජනයටත් පෙර මෙම ජයග්‍රහණය ලබා ගනිිමින් බංගලාදේශ කණ්ඩායමට කොළඹ නගරයේ සංචාරය සඳහා වැඩි කාලයක් ආගන්තුක සත්කාර ලෙස ලබා දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළා.


තරගයේ තෙවන දිනයේ සිටම පන්දු යැවීම සඳහා හිතකර ලෙස හැසිරුණු එස්එස්සී තණතීරුවෙන් ටයිජුල් ඉස්ලාම් කඩුලු පහක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභයෝගයක් ලබා දුන්නා.තරගාවලිය පුරාම සිය කඩුලු පැසට එක් කඩුල්ලක් පමණක් දමා ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ප්‍රවීනයා වන ප්‍රභාත් ජයසූරිය එම අභියෝගය භාර ගනිමින් ක්‍රියාත්මක වුණා.ඔහු ලකුණු 141 ට කඩුලු 5 ක් දවා ගත් ටයිජුල් ඉස්ලාම් පිළිතුරු දුන්නේ ලකුණු 56 ට කඩුලු 5 ක් ලබා ගනිමින් සහ ටයුජුල්ගේ කණ්ඩායමට ඉණිමක පරාජයක් ද හිමි කර දෙමින්.


අවසාන දිනය වන විට බංගලාදේශයට පරාජයෙන් ගැලවීම සඳහා ඉතිරිව තිබුණේ කඩුලු 4 ක් පමණයි.එම කඩුලු 4 දැවී යාමට ප්‍රථම බංගලාදේශයට එකතු කර ගන්නට ලැබුණේ තවත් ලකුණු 12 ක් පමණයි.එහිදී දැවි ගිය කඩුලු 4 න් තුනකම හිමිකම ප්‍රභාත්ට හිමි වූ අතර එක් කඩුල්ලක් දවා ගත්තේ තරිඳු රත්නායකයි.
පළමු තරයේදී මෙන්ම ලකුණු 158 ක දැවන්ත ඉණිමක් ගොඩ නැඟූ පැත්ම් නිශ්ශංක තරගයේ යීරයා බවත් පත් වුණා.මෙම ජයග්‍රහණයට දායක වූවා සේම ඔහු පළමු තරගයේදී ක්‍රීඩා කළ දැවන්ත ඉණිම ශ්‍රී ලංකාව සමහර විට පරාජයෙන් ගැලවුණ මොහොතක් ලෙස අර්ථකතනය කිරීමත් නිවැරදියි.ඒ කාරණා ද නිසා පැතුම් තරගයේ පමණක් නොව තරගාවලියේද ක්‍රීඩකයා ලෙස නම් කරන්නට යෙදුණා.


සමස්ත තරගයේ ලකුණු සටහවට පහතින් පිවිසිය හැකි අතර ශ්‍රී ලංකාවට සතුටු විය හැකි තවත් කාරණයක් වූයේ ඊයේ ලකුණක් ලබා ගැනීමට යාමේදි වැටී තුවාල සිඳු වූ කුසල් මෙණ්ඩිස් අද දිනයේ කඩුලු රකින්නා ලෙසම තරගයට එක්ව සිටීමය.එසේම ඔහු ප්‍රභාත් ජයසූරියගේ පන්දු ඉදිරියේ උඩ පන්දු දෙකක්ම අද පැමිණ මොහොතේදී රැක ගැනීමට සමත් වුණා.
ලකුණු සටහනට → https://bit.ly/3TubE7H

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...