ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව, ගෝලීය යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ කටයුතු සිදු කරන වැඩසටහන් සඳහා ලබා දෙන අමෙරිකානු අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ විදේශ ආධාර කප්පාදු ක්‍රමය යටතේ එම අරමුදල් නතර කිරීම සිදු වන වැඩිදුරටත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, එම වැඩසටහන් අතරට ශ්‍රී ලංකාව, ඉරාකය, මියන්මාරය, නේපාලය, සිරියාව, කොලොම්බියාව, බෙලරුස්, සුඩානය සහ ගැම්බියාව ද ඇතුළත් වන බවයි.

ඉලක්කගත වැඩසටහන් අතරට යුක්‍රේනයේ රුසියානු යුද අපරාධ ද ඇතුලත් වී තිබෙන බව වාර්තා වේ.

කපා හැරීමට නියමිත අනෙකුත් වැඩසටහන් අතර මියන්මාර හමුදාව විසින් මියන්මාරයේ වෙසෙන රොහින්ග්‍යාවරුන්ට එරෙහි සිදු කළ අපරාධ සහ බෂාර් අල්-අසාද් යටතේ සිරියාවේ කිතුනුවන්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට හිංසා පීඩා කිරීම ලේඛනගත කරන වැඩසටහන් ඇතුළත් වේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, එලෙස අමෙරිකානු අරමුදල් ලබාදීම අවසන් කර ඇති ඇතැම් වැඩසටහන් වසර ගණනාවක් සිට අමෙරිකාවේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පරිපාලන යටතේ ක්‍රියාත්මක වු ඒවා බවයි.

කෙසේ වෙතත් එය අවසාන තීරණය නොවන අතර මේ සම්බන්ධයෙන් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවට අභියාචනා කිරීමට හැකියාවක් පවතින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...