ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

Date:

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු දැකිය හැකියි. මෙම ලිපියේ අරමුණ පොදුවේ ලංකාවේ බැංකු පද්ධතියේ ලාභ පිළිබඳව තේරුම් ගත හැකි සංඛ්‍යාලේඛණ කිහිපයක් ඉදිරිපත් කිරීමයි. මෙහි බැංකු එකින් එක වෙන වෙනම ගෙන සලකා බැලීමක් සිදු කර නැහැ.

ආයතනයක ලාභ පිළිබඳ ප්‍රමුඛ නිර්ණායකය වන්නේ යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකයයි (ROE). පහත තිබෙන්නේ ලංකාවේ බැංකු පද්ධතිය සමස්තයක් ලෙස ගත් විට පසුගිය වසර වල එම අනුපාතය.

2019- 10.3%

2020- 9.4%

2021- 13.4%

2022- 10.4%

2023- 11.5%

2024- 15.6%

සාමාන්‍ය අගය – 11.8%

අපට මෙම ප්‍රතිලාභ අනුපාතික වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් වල ඵලදා අනුපාතික සමඟ සංසන්දනය කළ හැකියි.

2019- 8.45%

2020- 5.05%

2021- 8.24%

2022- 29.27%

2023- 12.93%

2024- 8.96%

සාමාන්‍ය අගය – 12.15%

බැංකු මගින් කරන්නේ තැන්පතු ලෙස එකතු කර ගන්නා අරමුදල් ණය ලෙස දීම මගින් ලාබයක් උපයා ගැනීම. තැන්පතු වලට සාපේක්ෂව ණය දෙන්නේ දිගුකාලීනවයි. ඒ නිසා වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යද්දී බැංකු වලට එහි වාසිය ලැබෙන්නේ නැහැ. අරමුදල් කලින් දුන් ණය වල හිරවෙලයි තියෙන්නේ. නමුත් වෙළඳපොළ පොලී අනුපාතික පහළ යද්දී ඒ විදිහට දිගුකාලීනව ණය ලබා දී තිබීම බැංකු වලට වාසියක් වෙනවා.

ආර්ථික අර්බුදය හමුවේ, 2022දී පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගියත්, එයින් බැංකු වල කොටස්හිමියන්ගේ ප්‍රතිලාභ අනුරූප ලෙස ඉහළ ගියේ නැහැ. නමුත් දැන් පොලී අනුපාතික පහත වැටෙද්දී බැංකු වල කොටස්හිමියන්ගේ ප්‍රතිලාභ ඉහළ යමින් තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...