හෙරොයින් බෙදාහරින ප්‍රබල මධ්‍යස්ථානයක් වටලයි: කොරළවැල්ලේ උක්කුවා සියල්ල වමාරයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී, ඩුබායිහි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර යන අයගේ හෙරොයින් බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ නිවසේ තිබූ හෙරොයින් ග්‍රෑම් 83යි මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම නිවසේ සිටි කොරළවැල්ලේ උක්කුවා නමැති සැකකරුද අත්අඩංගුවට ගත් බවයි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ නිවසට රැගෙන එන හෙරොයින් අවට ප්‍රදේශවලට බෙදා හැර ඇති බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...