වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

අද දින (30) පෙරවරු 9:00ට වලපනේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි වලපනේ ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එහිදී, එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උස්ගොඩ ආරච්චිගේ ධම්මික නලීන් දේශප්‍රිය මහතා විවෘත ඡන්ද 34 කින් තේරී පත් වු අතර,ඒ සදහා තරග කල සමගි ජන බලවේගයේ ලක්ෂාන් රන්දික මහතා ඡනද 29ක් ලබා ගත් බව පැවසේ.

එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් පොදු ජන එත්සත් පෙරමුණේ සුනිල් කුමාරසිංහ මහතා විවෘත ඡන්ද 34 කින් තේරි පත්වූ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමන් කුමාර දේශප්‍රිය මහතා ඡන්ද 29ක් ලබා ගෙන ඇත.

ඡන්දය ප්‍රකාශ කිරිමේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටි බව පැවසේ.

වලපනේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 64ක් වේ.

ඒ අනුව

• ජාතික ජන බලවේගය – 30
• සමගි ජන බලවේගය – 15
• පොදු ජන එක්සත් පෙරමුණ – 07
• එක්සත් ජාතික පක්ෂය – 05
• ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 04
• සර්වජන බලය – 03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...