මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ, අද (30) දිනයේදී පැවති එම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේදී ය.

එහි සභාපතිවරයා තෝරාගැනීම සඳහා අද පැවති විවෘත ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 06ක් ලබාගනිමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක කසුන් මුණසිංහ ජයග්‍රහණය කර ඇත.