හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර කාන්තාවන් 15 කට අදාළ නඩුව දෙසැම්බර් 08 කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) දින නියම කර තිබේ.

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියට අදාළ නඩුවයි එලෙස යළි කැඳවීමට දින ලබා දී ඇත්තේ.

එහිදී කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම්මෙ දී තිබුණේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළ අතර එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලීසියට දැනුම් දී තිබේ.

2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළව එම පැමිණිල්ල කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...