මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

Date:

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය හමුවේ බව සඳහන් වේ.

2019 සහ 2020 වර්ෂ වලට අදාළව රුපියල් 1,035,473,988 ක වැට් බදු මුදලක් ගෙවීම වග උත්තරකරුවන් විසින් පැහැර තිබෙන බව සඳහන් කරමින්, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් මස 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කර ඇත.

වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන් ඇල්සියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට වරදකරුවන් කෙරුණු අදාල වගඋත්තර කරුවන් දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර මාස හය බැගින් සිර දඬුවම් නියම කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...