මාස තුනේ දරුවත් රේප් කරලා.අම්මවත් රේප් කරලා මරල.සභාවම නිහඬ කරමින් මන්ත්‍රී අර්ජුනා චෙම්මනි ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගෙනෙයි(VIDEO)

Date:

කොළඹ LNW:බටලන්ද ගැන හොයන්න අවශ්‍යතාවක් පවතිනවා මෙන් දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ චෙම්මනි සමූහ මිනිවල සම්බන්ධයෙන්ද සාධාරණ පරීක්ෂණයක් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන්නේය.

චෙම්මනි කැණීම් මඟින් මේ වන විට මිනිස් ඇට සැකිලි 33ක් සොයා ගෙන තිබෙන අතර අවුරු 6 දරුවකුගේ ඇට සැකිල්ලක් මෙන්ම මාස තුනක දරුවෙකු දුෂණය කර මරා දමා ඇති අතර මවද දුෂණය කර මරා දමා ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම සිදුවීම් හරහා දෙමළ ජනතාව කිසිදිනෙක රට දෙකඩ වීමක් ගැන අපේක්ෂා නොකරන බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් ආයුධ අතේ තබා ගෙන සිටි හමුදාවේ සියලුම දෙනා රණවිරුවන් නොවන බවත් එවැනි අය අධිකරණය හමුවට ගෙන ආ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මේ අතර ආන්දෝලනයට තුඩු දුන් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහලුම් සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම බහාලුම්වල තිබුණු දෑ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ හැකි වුවද තමන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...