සිස්ටම් චේන්ජ් කරමු …

Date:

ශ්‍රී ලංකිකයන් අතීතයේ පටන් ඉතාමත් සංග්‍රහශීලී, දුකක් කරදරයකදී අනෙකාට උදව් කිරීමට දෙවරක් නොසිතන ජාතියකි. ඒ බැව් අතීතයේ විදේශිකයන් ලංකා⁣ව ගැන ලියූ පොත් පත් වල පවා සඳහන් කොට ඇත. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව ග්‍රන්ථය ඊට සාක්ෂි දරයි. නමුත් අද ඇතැම් අවස්ථාවලදී ඒ දේවල් අතීතයට පමණක් සීමා වන බවද හැඟේ. ඒ පසුගිය දිනවල රටේ සිදුවූ සිදුවීම් සමඟය. දේශපාලන මතභේද මත තම අසල්වැසියන්ට පහරදී අසල්වැසියන්ගේ නිවාස ගිනිතබා සතුටු වූ මිනිසුන්ද දක්නට ලැබුණි. මේ සියල්ලටම හේතුව තාක්ෂණයෙන් පමණක් දියුණු වන ඇතැම් ලාංකිකයන් ආකල්පමය වශයෙන් දියුණු නොවීමයි. තාක්ෂණය පමණක් දියුණු වීම මිනිසාගේ පිරිහීමට මුල වියහැක. එනිසා තාක්ෂණය මෙන්ම ආකල්ප සහ සාරධර්ම අතින් දියුණු වීම සැබෑම දියුණුවක් ලෙස දැකිය හැක.

අද බොහෝ දෙනෙක් ගැටළුවක් ඇති වූ සැනින් පාරට බැස ජනතාවට හිරිහැර වන අයුරින් කටයුතු කරනු දැකගත හැකිය. නමුත් විය යුත්තේ එය නොවේ. රටේ තෙල් ගෑස් හිඟයක් පවතින විට රටේ ජනතාවට හිරිහැර වන ආකාරයෙන් මාර්ග වසා කෑකෝ ගැසීමෙන් එම ගැටළුවට විසඳුම් නොලැබේ. 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (23) සිට ආරම්භ වීමට නියමිතය. නමුත් රටේ තෙල් හිඟය නිසා විභාග කටයුතු වලටද බලපෑමක් එල්ල වියහැක. මේ පිළිබඳව සැලකිල්ලට ගෙන රජය විසින් විභාග රාජකාරී වලට සහභාගී වන නිලධාරීන්ට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කර තිබේ.

නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. මේ පිළිබඳව සංවේදී වූ පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් තමන්ට හැකි අයුරින් සිසුන් පාසල් වෙත ප්‍රවාහනයට ඉදිරිපත් වී ඇති බව සමාජ මාධ්‍ය තුල දැකගත හැකි විය. රටේ සියලු දෙනාම පවතින අර්බුදයෙන් අපහසුතාවයට පත්ව සිටින මේ අවස්ථාවේ කිහිප දෙනෙකු හෝ තමන්ට හැකි අයුරින් අනෙකා පිළිබඳව සිතා කටයුතු කිරීම අගය කළ යුතු කාරණාවකි. රටේ සිස්ටම් චේන්ජ් විය යුත්තේ දේශපාලකයන් හෝ රජයේ නිලධාරීන් මඟින් පමණක් නොවේ. රටේ ජනතාවද ආකල්පමය වශයෙන් වෙනස් වීමෙන් පමණක් රටේ සැබෑම වෙනසක් ඇති කළ හැක. නැතහොත් දේශපාලකයන් කොතරම් වෙනස් වූවත්, අනෙකා ගැන නොසිතන, නිවසේ කුණු ටිකත් මහපාරේ දමා යන මිනිසුන් සිටින රටක දියුණුවක් දැකිය නොහැක.

  • ආරච්චි facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(VIDEO) NPP මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන :වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක්

අද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද...

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරාන උත්තරීතර නායක කමෙනි කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා යොවුන්...