රතුපාට ඇන්ද පලියට ජේවීපී වෙන්නෙ නෑ – සුනිල් හඳුන්නෙත්ති

Date:

මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සියල්ල ජනතා විමුක්ති පෙරමුණට බැර කිරීමට බොහෝදෙනා උත්සාහ දරමින් සිටින බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. අදාල සිදුවීම්වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පමණක් නොව සියලු පක්ෂවල සාමාජිකයන් එක්ව සිටි බවත්, ඒ නිසා එක් පාර්ශ්වයකට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවත් හඳුන්නෙත්ති මහතා පවසනවා.

රතුපාට ටී-ෂර්ට් හැඳසිටි පමණින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙස හැඳින්විය නොහැකි බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ චෝදනා කරන පුද්ගලයන්ට එම තත්වය හෝ තේරුම් ගෙන නොමැති බවයි.

රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ බවත් හඳුන්නෙත්ති මහතා සඳහන් කරනවා.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ, මැයි 09 වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හමු වී කරුණු දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්‌ අතර ජවිපෙ සාමාජිකයන් සිටින්නේ ඉතා සීමිත පිරිසක් බවයි. සැකකරුවන් බහුතරයක් අනෙකුත් පක්ෂවල සාමාජිකයන් හා ආධාරකරුවන් බවත්, ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සෘජු මැදිහත්වීමක් නොමැති බව ඉන් තහවුරු වන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවද විජිත හේරත් මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...