ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW:

ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව අද තරග වඳින්නේ සිංගප්පූරුව සමඟයි.එයද විශාල අභියෝගයක් වන තරගයක්.මේ දක්වා පැවති තරගවලදී මෙම කුසලානය වැඩිමි වරක් හිමිකර ගත් සහ වර්ථමානයේද හිමි කර ගෙන සිටින මැලේසියාවට එරෙහිව තරගයද සිංගප්පූරුව ජයගෙන ඇත්තේ 47 – 30 ක් ලෙසයි.


ඒ අනුව අද දිනයේදි මැලේසියාව ඉදිරයේ පරාජය ලද ශ්‍රී ලංකාවට හමුවීමට නියමිතව ඇත්තේ සිංගප්පූරුව වීම සැනසිලිදායක කරුණක් නෙවෙනවා.එහෙත් උපායශීලීව ක්‍රීඩිකාවන් යෙදවිමේ පරිචයක් ඇති හයසින්ත් විජේසිංහට මෙහිදී විශාල වැඩ කොටසක් පුහුණුකාරිය ලෙස ශ්‍රී ලංකාවේ ඉරණම සම්බන්ධයෙන් කළ යුතුව තිබෙනවා.


මෙම තරගාවලියේ ඒ සහ බි කාණ්ඩ බෙදා ඇති ආකාරය තුළ මූලික වටය සඳහා ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් ලෙස සැළකෙන ශ්‍රී ලංකාව,හොංකොං,මැලේසියාව සහ සිංගප්පූරුව එකම කාණ්ඩයක (ඒ කාණ්ඩය) යෙදවීම පිළිගත නොහැකියි.


මේ තත්ත්වය නිසා කාලයක් තිස්සේ හ්‍රී ලංකාවේ මඟ පෙන්වීම සහ දායකත්වය ඇතිව ගොඩ නැඟෙන මාල දිවයින නෙට්බෝල් ක්‍රීඩාව පියවර ගණනාවක් ඉදිරියට පැමිණ බී කාන්ඩයේ පළමු තැන පහසුවෙන් ලබා සිටිනවා.ඒ අනුව ඔවුන් දෙවන වටයේදී ශ්‍රී ලංකාවට හමුවිමට තිබෙන ඉඩ වැඩියි.ඒ අනුව ශ්‍රී ලංංකාවට සිය මඟ පෙන්විම මත වැඩුණු මාලදිවයිනේ වත්මන් තත්ත්වය ගැන දැක ගැනිමට අවස්ථාව උදා වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...