නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW:
මුහුණ දුන් පළමු තරග දෙකේදීම අසාර්ථක වුව ද,අවසාන මහා තරගයේදී තමන් මූලික වටයේදී පරාජයට පත් වූ දකුණු කොළම කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක් ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායම සමත්විය
ආරම්භක පිතිකරුවන් වූ දුල්නිත් සිගේරා (68), සහ අවීෂ් සමාෂ් (45) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ගොඩනංවන ලද ලකුණු 114 ක සාර්ථක සම්බන්ධතාවය පෙරටුකොට ගෙන කොළඹ දකුණු කණ්ඩායම ලැබූ ලකුණු 232 ට පිළිතුරු දුන් උතුර කණ්ඩායම පන්දු ඕවර් 40.5 දී කඩුලු 5 ක් දැවී ලකුණු 233 ක් ලබා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තරගාවලියට අනුරාධපුරය සූදානම් කිරීම නිසා පිට පළාත්වල තරුණ ක්‍රීඩකයින් වැඩි පිරිසකට ඉහළ මට්ටමේ යොවුන් ක්‍රිකට් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගන්නට ලැබීම වැදගත් විය.එසේම එය යම් උත්තේජනයක් දෙන සිඳුවීමක් ලෙස ද ගත හැකියි.
අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ජය වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රු. ලක්ෂ 5 ක මුදලකටද හිමිකම් කීවේය.

කාසියේ වාසිය දිනූ කොළඹ උතුරු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 233 ක ඉලක්කයක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දුන්නේය. එම හඹා ගිය කොළඹ උතුරු පිතිකරුවෝ පන්දුවාර 40.5 ක් අවසනදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

ජයග්‍රාහී කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් ඉදිරි පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් තිදෙනාම ලකුණු 40 සීමාව ඉක්මවමින් ලකුණු රැස් කළහ. ඔවුන් අතරින් කැපී පෙනුණු ආරම්භක පිතිකරුවා වූ දුල්නිත් සිගේරා හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් පන්දු 60 කදී වේගවත් ලකුණු 68 ක් රැස් කර ගත්තේය. ඔහුට අමතරව අනෙක් ආරම්භක පිතිකරුවා වූ අවීෂ සමාෂ් පන්ද 57 කදී ලකුණු 45 ක්ද අංක 3 සෙනුජ වෙකුණගොඩ පන්දු 51 කදී ලකුණු 41 ක්ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

කොළඹ දකුණ ආරම්භක පන්දු යවන්නා වූ දහම් නිර්මාල් කඩුලු 3 ක් දවා ගත්ත ද දහම් යවන ලද පන්දුවාර 8.5 කදී ලකුණු 73 ක් උදුරා ගැනීමට උතුර පිතිකරුවෝ සමත් වූහ.කඩුලු ලබා ගත්ත ද එයින් ලකුණු පාලනයට සහයක් නොලැබිණ.
36 වැනි පන්දුවාරයේදී වෙකුණගොඩ දැවී යන විට කොළඹ උතුරු ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 208 ක් වශයෙන් සටහන්ව තිබිණ. අනතුරුව පිටියට පිවිසි නායක චාමික හීනටිගල පන්දු 41 කදී ලකුණු 29 ක් තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වන තෙක් පන්දුවට පහර දුන්නේය.
කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් සුුවහස් ප්‍රනාන්දු සහ රෙහාන් පීරිස් පළමු කඩුල්ලවෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුවහස් ප්‍රනාන්දු, පන්දු 123 කදට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 80 ක් ලබා ගත්තේය. ඔහුගේ සහායකයා වූ රෙහාන් පීරිස් පන්දු 69 කදී හතරේ පහර 7 ක් ද සමගින් ලකුණු 53 ක් රැස් කළේය.එතැන් සිට
පැමිණි පිතිකරුවන් අතරින් හිරුන් මතීෂ (22) හැරුණු විට සෙසු පිතිකරුවන් කිසිවෙකුට කොළඹ උතුර කණ්ඩායම හෝ ලකුණු 20 සීමාව පසුකර යෑමට අවස්ථාව ලබා නොදුන්නේය. ඊට කොළඹ උතුර කණ්ඩායමේ පන්දු රැකිමද බලපෑවේය. කොළඹ දකුණු කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙකුම දුවද්දි දැවී ගියේය. ලකුණු 80 ක් ලැබූ සුවහස් ප්‍රනාන්දු, නායක විමත් දින්සර (18) සහ හිරූෂ ප්‍රනාන්දු (01) එසේ දුවද්දී දැවී ගිය පිතිකරුවෝ වූහ.
පන්දු යැවීමේදී මානස සුභාෂණ සහ පූර්ණ කල්හාර කඩුුලු 2 බැගින් බිඳ හෙළද්දී නායක චාමික හීනටිගල සහ දුනික් පෙරේරා කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

තරගාවලියේ ජය සංඛේත ප්‍රධානය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති වින්ස්ටන් ජයසිංහ සහ එහි ලේකම් වනෝජ් විජේසිංහ සහ භාණ්ඩාගාරික තුෂාර ප්‍රේමකුමාර අතින් සිඳු විණි.
මෙහිදී අවසන් මහ තරගයේ වීරයා සම්මානය කොළඹ උතුරු කණ්ඩායමේ දුල්නිත් සිගේරා විසින් දිනාගත් අතර ඔහුට එම කුසලාන සමඟ මුදලින් රු. 50,000 ක මුදලක් පිරිනැමිණ. මීට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 4 කදී කඩුලු 8 ක් දවා ගත් මහනුවර කණ්ඩායමේ සුමේධ ප්‍රසාද් ද දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ලුණු 266 ක් ලබා ගත් මහනුවර කණ්ඩායමේම දිමන්ත මහවිතාරණද සම්මාන දිනා ගත් අතර ඔවුන් දෙදෙනාටම එම කුසලාන සමග මුදලින් රු. 75,000 ක් පිරිනැමිණ.
මීට අමතර තරගාවලියේ වීරයා ලෙසින් පන්දුවෙන් තරග 5 කදී කඩුලු 6 ක් සහ පිත්තෙන් ලකුණු 150 ක් ලබා ගත් කොළඹ උතුරු කණ්ඩායමේ නායක චාමික හීනටිගල නම් කෙරිණ. ඔහුට එම කුසලාන සමග මුදලින් රුපියල් ලක්ෂයක් පිරිනැමිණ.
කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 යි – (රෙහාන් පීරිස් 53, සුවහස් ප්‍රනාන්දු 80, හිරුන් මතීෂ 22, විමත් දින්සර 18, දිනෙත් පීරිස් 13, ජේසන් ප්‍රනාන්දු 16, දහම් නිර්මාල් 17, පූර්ණ කල්හාර 27/2, මානස මදුභාෂණ 35/1, චාමික හීනටිගල 31/1, දුනික් පෙරේරා 51/1)
කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 40.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 233 යි – (දුල්නිත් සිගේරා 68, අවීෂ සමාෂ් 45, සෙනුජ වෙකුණගොඩ 41, පූර්ණ කල්හාර 19, චාමික හීනටිගල 29, ඩිනෝෂ් ගමගේ 06*, දහම් නිර්මාල් 73/3
මලින්ත සිල්වා 28/1, දිනෙත් පීරිස් 35/1)
