එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

Date:

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW :

ප්‍රධාන මැතිවරණ තුනකට පසු පැවැත්වීමට ඉතිරිව ඇත්තේ පළාත් සභා මැතිවරණය පමණක් බැවින් දැන් එළඹ ඇත්තේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා හොඳම කාලය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දුන්නේ, වත්මන් පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයකට තුනෙන් දෙකක බලයක් ඇති බැවින් අදාළ ප්‍රතිසංස්කරණ බහුතරයෙන් හෝ තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට බාධාවක් නොමැති බවයි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියේ, මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම හා ඊට සම්බන්ධ පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති වැඩමුළුවකින් අනතුරුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...