පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

Date:

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW:

පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත් කළ,පරිනාමවාදයේ පියා ලෙස සැළකෙන ලෝ පතල ස්වභාව විද්‍යාඥයා,චාර්ල්ස් ඩාවින් නමින් නම් කර ඇති ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරය උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරය වන්නේය.එහි ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රධාන නගරවලට වඩා වැඩි ප්‍රමාණයක් ආදි වාසී ඔස්ට්‍රේලියානුවන් වෙසෙන අතර එය තවත් අතකින් ආසියාවටත්,විශේෂයෙන් එහි ඉන්දුනීසියාවටත් සමිපව පිහිටා ඇත.

ඉදිරි දින කිහිපය තුළ අපට ඩාර්වින් නගරය වැදගත් වන්නේ එහි ඇති පාරිසරික සහ ඓතිහාසික කාරණා මත පදනම්ව නොවේය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල හෙට දවසට අදාළව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන අතර එහිදී එම කණ්ඩායම සහභාගිවන සියලු තරග පැවත්වෙන්නේ ඩාර්වින්වල බැවිනි. මුහුද මෙන්ම ගහකොළ ද හිඟ නැති ඩාර්වින් බොහෝ දුරට ශ්‍රී ලංකාවට සමීපතම දේශගුණය සහිත ඔස්ට්‍රේලියාවට අයත් ප්‍රදේශය වීම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පහසුවක් වෙනු සැක නැත.

ශ්‍රී ලංකාව මෙහිදී නිල නොවන සිවිදින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගිවීමට නියමිතය.මෙහිදී සිව්දින ආකෘතියේ තරගවලදී ශ්‍රී ලංකාව මෙහෙයවීම පැවරී ඇත්තේ පසිඳු සූරියබණ්ඩාරටය.එක්දින තරග ආකෘතිය ඇතුළේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම බංගලාදේශ සංචාරයේදී ටෙස්ට් වරම් ලැබූ ලහිරු උදාරට පවරා ඇත.එම සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීම් ලද ක්‍රීඩකයන් අතර පවන් රත්නායක,පසිඳු සූරියබණ්ඩාර,ඉසිත විජේසුන්දර සහ ටෙස්ට් වරම් දිනූ සොනාල් දිනූෂ ද මෙම සංචාරයට කැඳවා ඇත.ඔවුන් ආකෘති දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනයට ද නියමිතය.

මේ ආකාරයට සිව්දින සහ එක්දින ආකාති දෙකටම කැඳවූ ක්‍රීඩකයින් මෙන්ම හක හක් ආකෘතියට විශේෂ කොට සළකා නම් කරන ලද ක්‍රීඩකයින්ද මෙම සංචිත දෙකේ දකින්නට ඇති අතර පහතින් එම කණ්ඩායම් දෙක පළ කර ඇත.මෙහිදී පළමුව පැවත්වෙන්නේ එක්දින තරගාවලිය වන අතර එම තරග ජූලි 4, 6 සහ 9 යන දිනවල පැවැත්වෙන අතර, සිව්දින තරග දෙක ජූලි 13 සිට 16 දක්වා සහ ජූලි 20 සිට 23 දක්වා පැවැත්වේ.මෙ කණ්ඩායමේ පුහුණුුකාරීත්වය හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධනටම පැවරී ඇත.කළමණාකාරීත්වය පැවරී ඇත්තේ ද හිටපු ආරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතානටය.

එක්දින කණ්ඩායම

  1. කමිල් මිෂාරා
  2. ලහිරු උදාර – නායක
  3. ලසිත් කෲස්පුල්ලේ
  4. පසිඳු සූරියබණ්ඩාර
  5. නුවනිදු ප්‍රනාන්දු
  6. පවන් රත්නායක
  7. සහන් ආරච්චිගේ
  8. සොනාල් දිනූෂ
  9. චමිඳු වික්‍රමසිංහ
  10. ශිරාන් ප්‍රනාන්දු
  11. ඉසිත විජේසුන්දර
  12. ප්‍රමෝද් මධුෂාන්
  13. මොහොමඩ් ශිරාස්
  14. දුෂාන් හේමන්ත
  15. වනුජ සහන්

සිව්දින කණ්ඩායම

  1. ලහිරු උදාර
  2. කමිල් මිෂාරා
  3. රවිඳු රසන්ත
  4. පසිඳු සූරියබණ්ඩාර – නායක
  5. නුවනිදු ප්‍රනාන්දු
  6. පවන් රත්නායක
  7. විශාද් රන්දික
  8. සොහාන් ද ලිවේරා
  9. සොනාල් දිනූෂ
  10. ශිරාන් ප්‍රනාන්දු
  11. ඉසිත විජේසුන්දර
  12. අසංක මනෝජ්
  13. මොහොමඩ් ශිරාස්
  14. ප්‍රමෝද් මධුෂාන්
  15. වනුජ සහන්
  16. නිෂාන් පීරිස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...