නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.
ඒ අනුව කැබිනට් ප්‍රකාශකවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත්කර ඇත.
මහින්ද අමරවීර, මනූෂ නානායක්කාර සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස නම්කර ඇති බව සඳහන්.
RN