කුසල් මෙණ්ඩිස් සනීපෙන්

Date:

බංගලාදේශය සමඟ පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටියදී පපුවේ ඇති වූ වේදනාකාරී තත්ත්වයක් නිසා කුසල් මෙණ්ඩිස් හෘදයාබාධයක් යැයි සැක කරමින් වෛද්‍ය ප්‍රතිකාර කරා රැගෙන ගියත් කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය මේ තරගයට ඔහුගේ දායකත්වය ලැබීමට බාධාවක් නොවනු ඇති බවයි.

බයවෙන්න දෙයක් නැහැ,කුසල් තරගයට සහභාගි වෙයි යනුවෙන් කණ්ඩායම් කළමණාකාරීත්වය පැත්තෙන් ලැබෙන සහතිකය තහවුරු කරමින් කුසල්ට සම්බන්ධ තවත් සමීප ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණේ එම වේදනාකාරී තත්ත්වය මතු වී ඇත්තේ ආමාශයික ආම්ලිකතාවය හේතු කොට ගෙන බවය.ඒ නිසා වෛද්‍ය උඵදෙස් අනුව කුසල් සිය දායකත්වය මේ තරගයේදී කණ්ඩායමට ලබා දීමට සූදානමින් සිටින බවද පැවසීය.
තරගයේ පළමු දිනයේ මුල් පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකාව බංගලාදේශය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගනිමින් ලකුණු 24 ට කඩුලු පහක් දවා ගත්තත් එතැන් පටන් හයවන කඩුල්ලට නොදැවුණු ලකුණු 253 ක් එක් කළ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 115 ක් ද,ලිටෙන් දාස් නොදැවි ලකුණු 134 ක් ද ලබා නොදැවී සිටිති.පීඩනය ශ්‍රි ලංකාව දෙසට හැරෙමින් තිබෙන තත්ත්වයක පළමු තරගයේදී යම් ආකාරයක සාර්ථකත්වයක් පෙන්වමින් කුසල් මෙණ්ඩිස්ගේ පිතිකරණ දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...