ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළු අනෙකුත් සේවා මිලත් වැඩිකිරීමට අනුමැතිය

Date:

අද (24) අළුයම 03.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකෙරුණු ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන්වල ද මිල ගණන් වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂක සිසු සිසුවියන්ට බාධාවක් නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නැයි අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කෙරුණේ මිල සූත්‍රයට අනුව බවත් එම මිල සූත්‍රයට ඊයේ (23) දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවූ බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...