දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

Date:

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඒ අනුව දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.

“උණු වතුර දාන්න හොඳ නැති ප්ලාස්ටික් බෝතල්වලටත් වතුර දානවා. ලෝකය මේ භාණ්ඩ නිෂ්පාදනයේදී සැලකිලිමත්වෙලා තියෙන ආකාරය ඒවායේ අඩංගු පිළිකාකාරක පිළිබඳ අවධානය යොමුකරලා තියෙනවා. වෙළෙඳපොළේ කරපු පරීක්ෂණවලදී අවදානම් සහිත බරපතල තත්ත්වයන් වාර්තාවෙලා තියෙනවා. අපි තීරණයක් ගත්තා ඉදිරි මාස දෙකක් තුළ මේ ගැන දැඩි තීරණ ගන්නවා. ආනයනකරුවන්, නිෂ්පාදකයින් ගෙනැල්ලා ඔවුන්ට කරුණු කියනවා. විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් අපි පත්කරනවා. ඒ කමිටුවට සියලුම පාර්ශ්වයන්ට ඇවිත් කරුණු කියන්න පුළුවන්. අපි මාස දෙකකට පසුව එන වාර්තාවෙන් පසුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම තීරණ ගන්නවා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...